Whatsapp තුල Microsoft Copilot නවතී
Microsoft සමාගම විසින් නිවේදනය කළේ, 2026 ජනවාරි 15 දිනට පසු Copilot AI chatbot එක WhatsApp තුළ භාවිතා කළ නොහැකි වන බවයි. මෙය Microsoft ආයතනය ගත් තීරණයක් නොවන අතර WhatsApp/ Meta සමාගම විසින් Policy update කිරීම නිසා සිදු වූ වෙනසකි. Meta ආයතනය මේ update එකෙන් පසුව Third-party AI chatbots (උදාහරණයක් ලෙස ChatGPT, Perplexity, Copilot) WhatsApp තුළ run වීම සීමා කර ඇත. මේ නිසා WhatsApp හරහා Copilot භාවිතා කල පුද්ගලයන්ට, එම සේවාව 2026 ජනවාරි 15 සිට නවතනු ලබයි. Microsoft ආයතනය පැවසූ පරිදි, WhatsApp chat history එක Microsoft apps හෝ web වෙත ස්වයංක්‍රීයව මාරු නොවන නිසා, ඔබට පැරණි Copilot chats සුරක්ෂිත කරගැනීමට අවශ්‍ය නම් January 15ට පෙර "Export chat" function එක භාවිත කර backup කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නමුත් WhatsApp එකෙන් මෙම සේවාව නවතිනවා යනු, Copilot භාවිතා කිරීමේ හැකියාව නවතින බව නොවේ. ඔබට අනාගතයේත් Copilot භාවිතා කළ හැකි අතර Copilot mobile app, Copilot වෙබ් අඩවිය, Windows 10/11 තුළ built-in ලැබෙන Copilot හරහා තව දුරටත් copilot නොමිලේ භාවිතා කිරීමට අවස්තාව ලැබේ.