Switch language සිංහල English தமிழ்
Dark mode
🌙

පිළිකා රෝගියෙකුට, GTA VI නිකුත් වීමට පෙර සෙල්ලම් කිරීමට අවස්තාව ?

Tech News මාස 6 කට පෙර 69648 Views

Rockstar Games විසින්, ඔක්තෝබර් මාසයේ නිකුත් වීමට නියමිත Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාව ප්‍රථම වතාවට අත්හදා බැලීමට, අවසන් අදියරේ පිළිකා රෝගී තත්වයක පසුවන පරිශීලකයෙකුගේ ඉල්ලීම සපුරා ඇති බව පසුගිය දිනවල වාර්තා විය. ඔහුගේ/ඇයගේ නම ප්‍රසිද්ධ කර නොමැති වුවත්, පරිශීලකයාගේ පවුලේ සාමාජිකයෙකු විසින් LinkedIn මත පළ කළ පණිවිඩයක් විශාල ප්‍රචාරයක් ලබාගෙන, Take-Two සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Strauss Zelnickගේ අවධානයට පත් වීමෙන් පසු Rockstar Games මේ පිලිබඳ සම්බන්ධ වීමක් සිදු වී ඇත.

Ubisoft Toronto හි developer කෙනෙකු වන Anthony Armstrong, තම පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් මෙම ඉල්ලීම පසුගිය මාසයේදී කළ අතර, gaming industry එකෙහි සම්බන්ධීකරණ හෝ හිතවත් අයගෙන් උපකාරයක් ලබා ගැනීමට උත්සාහ කළාය. ඔහුගේ පණිවිඩයේ සඳහන් වුනේ, "මගේ පවුලේ සාමාජිකයෙකුට පිළිකා රෝගය වසර ගණනාවක් පුරා පීඩා ගෙනදෙමින් සිටින අතර, ඔහුට ඉතා නරක පුවතක් දැනුම් දී ඇත. ඔහුට ඉතිරිව තිබෙන කාලය මාස 6-12 අතර බවයි. ඔහුට GTA ක්‍රීඩාවට දැඩි ආසාවක් ඇති අතර, GTA 6 නිකුත් වීමට පෙර එය අත්විඳීමට අවස්ථාවක් ලැබිය යුතුයි බවයි".

Armstrong පවසන්නේ, "ඔහු Rockstar Games හි Oakville ස්ථානයට ඉතා ආසන්නව ජීවත් වන අතර, ඔහුට GTA 6 ක්‍රීඩාව අත්හදා බැලීමට පුළුවන් විශේෂ අවස්ථාවක් සකස් කළ හැකි නම් මට විශාල සතුටක් වනු ඇත" යනුවෙනි.

පසුව Armstrong තම LinkedIn පණිවිඩය යාවත්කාලීන කරමින්, Strauss Zelnickගේ අවධානයට පණිවිඩය ලැබී ඇති බව සහ Rockstar Games වෙතින් "හොඳ පුවතක්" දැනුම් දී ඇති බව ප්‍රකාශ කළාය. ඔහු අවසන් වශයෙන් "පැවසිය හැක්කේ මෙතෙක් පමණි, නමුත් මා හදවතින් ඔබ සැමට ස්තුති කරනු ඇත" යනුවෙනි කියා අවසන් කරයි.



Grand Theft Auto 6 ක්‍රීඩාව මේ වන විට නොවැම්බර් 19 වන දින නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, පෙර වතාවට වාර්තා වූ ප්‍රමාද කීපයක් පසුකරමින් මෙම දිනයට සූදානම් කර ඇත. Take-Two සමාගම නවතම නිකුත් කිරීමේ දිනය ප්‍රකාශ කරන විට, ක්‍රීඩාව තවත් වඩාත් පිරිසිදු සහ සම්පූර්ණ අත්දැකීමක් ලෙස එළිදැක්වීමට උත්සාහ කරන බව සඳහන් කර ඇත.

අද දින, GTA 6 develop කරන Rockstar North කාර්යාලයේ බෝයිලර් කාමරයක සිදු වූ අනතුරක් හේතුවෙන් හදිසි සේවා ඒකක කැඳවා ඇති අතර, ගින්න නිවීමට ගිනි නිවීම් කණ්ඩායම් ගණනාවක් යොමු විය. එහෙත් Rockstar Games මෙම සිදුවීම සම්බන්දයෙන් අඩු සැලකිල්ලක් දක්වමින් , කාර්යාලය නැවත විවෘත කර ඇති බව තහවුරු කළේය..

gta gta vi rockstars games

Comments (14)

Loading comments...