Gmail පහසු කරන Gemini
Google සමාගම තම Gmail සේවාව තුළ Artificial Intelligence (AI) හැකියාවන් තවදුරටත් පුළුල් කරමින්, Gemini AI inbox අත්දැකීමට ගෙන එමින් සිටී. මෙම නව විශේෂාංගය මඟින්, email කියවීම, පිළිතුරු දීම සහ inbox කළමනාකරණය කිරීම පෙරට වඩා වේගවත් සහ බුද්ධිමත් අත්දැකීමක් බවට පත්වෙයි. Gemini AI, Gmail තුළ ක්‍රියාත්මක වන්නේ “AI assistant” කෙනෙකු ලෙසයි. එනම්, පරිශීලකයාට දිගු email threads සාරාංශ කර දීම, වැදගත් email හඳුනාගැනීම, reply draft එකක් යෝජනා කිරීම, සහ email තුළ ඇති ප්‍රධාන කරුණු ඉක්මනින් තේරුම් ගන්න උදව් කිරීම වැනි කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කරයි. විශේෂයෙන්ම වැඩි email සංඛ්‍යාවක් ලැබෙන professionals, students සහ business users සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් feature එකක් ලෙස සැලකිය හැකිය. “මේ email එකෙන් මට කරන්න තියෙන්නේ මොනවාද?", “මට reply එකක් ලියලා දෙන්න” වැනි සාමාන්‍ය භාෂාවෙන් (ඉංග්‍රීසි වැනි) language prompts භාවිතා කරමින් Gemini AI සමඟ කටයුතු කළ හැකිවීම මෙහි විශේෂත්වයකි. Google ආයතනය පවසන්නේ, මෙම AI හැකියාවන් Gmail Web සහ Mobile Apps දෙකේම ක්‍රමානුකූලව නිකුත් කරන බවයි.

දැනට මෙම සේවාව Google Workspace පරිශීලකයින්, Gemini Advanced සහාය ඇති accounts සඳහා ප්‍රමුඛව ලබා දෙන අතර, ඉදිරියේදී වැඩි පරිශීලකයන් වෙත පුළුල් කිරීමට සැලසුම් කර ඇත. Privacy පැත්තෙන් බලන විට, Google පවසන්නේ Gemini AI Gmail තුළ භාවිතා වුවද, user data ads සඳහා භාවිතා නොකරන බවත්, Workspace සහ Gemini AI privacy policies යටතේ දත්ත ආරක්ෂාව පවත්වාගෙන යන බවත්ය.සමස්තයක් ලෙස, Gemini AI Gmail Inbox එකට එකතු වීම, email යනු සරල message tool එකක් පමණක් නොව, AI-powered productivity hub එකක් බවට පත්වන ලකුණු පෙන්වන තවත් වැදගත් පියවරක් ලෙස දැකිය හැකිය .
Comments (11)
Please login to comment