Home Tech Videos Programming Aviation

Alibaba සමාගමේ Quick Ai Glasses වෙළඳපොළට

Tech News දින 6 කට පෙර 2849 Views

Alibaba අද දින (Nov 27) Quick Ai glasses නමින් හදුන්වන නවීනතම Ai-powered smart eyewear එකක් චීනයේදී නිකුත් කරන ලදී. දැනටමත් වෙළඳපොළ තුල Meta, Apple, Samsung,
Xiaomi වැනි තරගකරුවන්, මෙවැනි නිෂ්පාදන වෙළඳ පොලට නිකුත් කරන පසු බිමක මෙම Quick AI Glasses වෙළඳපොලට පැමිණීම විශේෂත්වයකි. මෙහි මිල ශ්‍රී ලංකාවේ මිලෙන් 80,000-82,000 පමණ අගයක් ගනී. මෙය Black plastic frame එකක් සමග පැමිනෙන අතර බරින් ඉතා අඩු device එකකි. 
මෙහි ප්‍රධාන බුද්ධිය ලෙස Alibaba Qwen Ai model එක භාවිත වන අතර glass එකත් mobile app එකත් සමග Qwen Ai integrated වී ඇත. මෙය සාමාන්‍ය කණ්ණාඩියක් සේ පෙනුනත් මෙහි Ai chipset එකක් සහ mini display system එකක් ඇත.


මෙය භාවිතා කරන විට ඔබ කුමක් හෝ board එකක් හෝ menu එකක් දෙස බලන්නේ නම් එය real-time translation කිරීමේ හැකියාව ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස Chinese signboard එකක් English හෝ වෙනත් භාෂාවකට translate කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Ai glass එක මගින් map navigation හැකියාව ලැබෙනු ඇත. Photos, video recodings ලබාගැනීමේ හෑකියාවද, ප්‍රශ්න වලට AI හරහා quick Ai answers, price recognition හෙවත් මිල හඳුනාගැනීම් වැනි පහසුකම් සහිත නිසා shopping කරන විට වේගයෙන් මිල පරික්ෂා කිරීමේ හැකියාව ලබා දේ. මීට අමතරව තව බොහෝ කාර්යය සදහා බෙහෙවින් උපකාරී වේ.

alibaba ai smart glass