Reload
Language: English தமிழ்

ගුවන් ගමන් පහසු කරන Samsung Wallet x CLEAR හවුල

Tech News පැය 7 කට පෙර 358 Views

Samsung සමාගම CLEAR (secure identity සහ biometric company එකක්) සමඟ නව හවුල්කාරීත්වයක් නිවේදනය කර ඇති අතර, ඒ අනුව “Samsung ID with CLEAR” සේවාව Samsung Wallet වෙත එක් කර තිබේ. මෙම feature එක හරහා, ඇමරිකාවේ domestic flights සඳහා ගමන් කරන පරිශීලකයින්ට physical passport එකක් හෝ ID card එකක් පෙන්වීමකින් තොරව Samsung phone එක පමණක් භාවිතා කර TSA checkpoints හරහා ගමන් කිරීමට හැකි වනු ඇත. Samsung පවසන්නේ, Samsung ID with CLEAR යනු US passport තොරතුරු මත පදනම් වූ සහ CLEAR විසින් verify කරන digital identity system එකක් බවයි. එමගින් Transportation Security Administration (TSA) checkpoints 250කට වැඩි ප්‍රමාණයකදී Samsung Wallet තුළ ඇති digital ID එක භාවිතා කර identity verification සිදු කළ හැකිය. මෙම පියවරේ අරමුණ වන්නේ airport security process එක වේගවත් කිරීම සහ travelersලාට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීමයි. Physical documents සොයා ගැනීම හෝ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවීම නිසා, check-in සහ security verification ක්‍රියාවලිය තවත් පහසු වන බව Samsung පෙන්වා දෙයි.

Samsung Wallet වෙත Samsung ID with CLEAR එක එක් කිරීම සඳහා:

  • Samsung Wallet app එක විවෘත කළ යුතුය

  • “Quick Access” tab එකට යා යුතුය

  • “+” icon එක තෝරා “Digital IDs” වෙත යා යුතුය

  • “Samsung ID with CLEAR” තෝරා “Get Card” ක්ලික් කර instructions follow කළ යුතුය

මෙම සේවාව භාවිතා කිරීමට CLEAR ID membership එක අවශ්‍ය වන අතර, එය නොමිලේ ලබා ගත හැක. කෙසේ වෙතත්, airport security lines ඉක්මනින් bypass කිරීමට අවශ්‍ය usersලාට CLEAR+ subscription එක ලබාගත හැකි අතර, එහි වාර්ෂික ගාස්තුව ඩොලර් 209ක් පමණ වේ. Tech විශ්ලේෂකයන් පවසන්නේ Apple Wallet සහ Google Wallet වැනි platforms සමඟ තරඟ කිරීම සඳහා Samsung Wallet ecosystem එක ශක්තිමත් කිරීමට මෙම partnership එක වැදගත් පියවරක් බවයි. Digital IDs, mobile payments සහ secure identity verification වැනි features එකම platform එකක් තුළ ලබාදීම හරහා smartphone එක “digital passport” එකක් බවට පත් කිරීම tech industry එකේ නව ප්‍රවණතාවක් බවද ඔවුන් සඳහන් කරයි. මෙම partnership එක හරහා Samsung usersලාට airport travel experience එක තවත් smart සහ convenient ආකාරයට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එලෙසම මෙය දැනට USA තුල පවතින සේවාවක් වුවද, ඉදිරියේදී Google, Apple wallet සේවා හරහා මෙවැනි වූ සේවාවන් මුළු ලෝකයටම ලබාදීමට මෙය යහපත් ඉඟියක් වනු ඇත.

Samsung CLEAR ID

Comments (0)

Please login to comment

Loading comments...