Samsung Galaxy S26 Ultra සඳහා upgrades 10ක්
ලොව ප්‍රමුඛ පෙලේ Android flagship smartphones අතරින් එකක් වන Samsung Galaxy S26 Ultra Smart ජංගම දුරකථනය, පසුගිය වසරේ Galaxy S25 Ultra දුරකතනයට වඩා ගොඩක් විශාල වශයෙන් upgrade වීමට නියමිත බව ආරංචිමාර්ග අනාවරණය කර ඇත. Samsung Galaxy S Ultra series එක සෑම වසරකම Android market එකේ දැවැන්තයෙක් ලෙස සැලකෙන බැවින්, S26 Ultra හි එන වෙනස්කම්, 2026 වසරේ අනෙකුත් high-end Android phones වල design සහ specifications වලටත් බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇත.
ආරංචි මාර්ග වලට අනුව, Galaxy S26 Ultra හි පහත වෙනස්කම් දැකගත හැකිය.
- වැඩි energy efficiency තියෙන නව display එකක්
- Integrated privacy screen features
- නව camera lens සහ advanced coating
- Main camera සහ Telephoto camera වල විශාල aperture අගයන්
- Wide (පුළුල්) selfie camera lens එකක්
- දැනට වඩා වේගවත් wired සහ wireless charging
- වඩාත් බලවත් හා කාර්යක්ෂම processor එකක්
- Video recording සඳහා නව autofocus සහ sharpness සැකසුම්
- සාපේක්ෂව විශාල memory එකක් (RAM)
- සිහින් Body design එකක්
- නව M14 OLED Display එක

Galaxy S26 Ultra එකේ display එක M14 OLED technology භාවිතා කරන බව වාර්තා වෙයි.
මෙම display එක, Galaxy S25 Ultra වල M13 OLED වලට වඩා 20%–30% වැඩි energy efficiency ලබා දෙන අතර Battery life එක improve කිරීමට උපකාරී වෙයි. Peak brightness කිරීමට හැකියාව තිබුණත්, Samsung ප්‍රධාන වශයෙන් efficiency එකට focus කර ඇති බව සදහන් කර හැකිය.
Privacy screen feature එක : නවතම M4 display එකේ privacy screen feature එකක් integrate කර තිබෙන නිසා, Screen එක, side angles වලින් බලන අයට නොපෙනෙන ලෙස restrict වන බව සඳහන් වේ. මෙය කොතෙක් දුරට යතාර්තයක්ද යන්න සඳහන් කල නොහැකි වුවත් මෙය හා සමාන දෙයක් දැනටත් privacy tempered glasses හරහා සිදුවේ. Public places වල sensitive information ආරක්ෂා කරගැනීමට මෙය ගොඩක් වැදගත් feature එකක් ලෙස සැලකිය හැකිය.
Camera system එකේ ලොකු වෙනස්කම් ලෙස, Main camera aperture: f/1.4 (S25 Ultra වල f/1.7 ට වඩා විශාල) 5x Telephoto aperture: f/2.9 (පරණ f/3.4 වලට වඩා) ලැබේ . එනම් වැඩි ආලෝකයක් කැමරා sensor එකට ලැබෙන අතර වඩාත් ඉහල low light performace ලැබෙනු ඇත.
අලුත් Camera Assistant features හරහා, Samsung phones වල තියෙන over-sharpened look එක soften කරීමේ හැකියාව ලැබෙන අතරබ් ,Video autofocus, transition speed manually control කරන්න අවස්තාව ලැබෙනු ඇත.Video වලදී, Fast Transition (Snap Focus) හැකියාව ඇති අතර මෙය sports, action scenes සඳහා වැදගත් වේ. Slow Transition (Rack Focus) සමග cinematic look එකක් ලබාගනනීමටද හැකිවේ . 
Galaxy S26 Ultra එකහි 45W limit එකෙන් ඉවතට ගොස් 60W Super-Fast Charging 3.0 support කරයි කියලා වාර්තා වෙනවා මේ සමග Battery එක 0% → 50% charge වීමට මිනිත්තු 15 කට අඩු කාලයක් ගතවනු ඇතැයි සැලකේ. එලෙසම බැටරියේ ධාරිතාව වසර 6ක් තිස්සේ තිබූ 5000mAh limit එක ඉක්මවා 5100mAh – 5400mAh අතර capacity එකක් ලබාගනු ඇතැයි දැනගැනීමට ලැබේ.
එනමුත් විශේෂම දෙයක් වනුයේ, බැටරියේ ප්‍රමාණය විශාල වුවද, S26 Ultra දුරකථනය 7.9mm thickness දක්වා සිහින් වීමට ඇති හැකියාවයි... Galaxy S25 Ultra (8.2mm).
Galaxy S26 Ultra හි Snapdragon 8 Elite Gen 5 chipset එකක් බලාගැනීමට හැකි වන අතර සමහර ආරංචි වලට අනුව samsung විසින් TSMC 3nm process එක හෝ Samsung Foundry 2nm “For Galaxy” version එකක් භාවිතා වෙන්නත් ඉඩ තියෙනවා. Snapdragon භාවිතය අත හරින බවට ඉඟි samsung විසින් පසුගිය වසරේ අවස්ථා ගණනාවක පෙන්වීමද විශේෂත්වයකි.
Ram එක ගැන සැලකීමේදී LPDDR6 තව early stage එකේ (පෙර අවධියක) තිබෙන නිසා LPDDR5X (10.7Gbps) ultra-fast RAM භාවිතා කරන බව සඳහන්, මේ සමග AI processing speed 25%කින් faster කරලා shutter lag වගේ issues අඩු වීමට හැකියාව ඇත.
වාර්තා වලට අනුව Samsung Galaxy S26 series 2026 පෙබරවාරි අවසානයේ San Francisco වල පැවැත්වෙන Samsung Unpacked event එකකදී නිකුත් වීමට ඉඩ ඇත.