Switch language සිංහල English தமிழ்
Dark mode
🌙

Oscar විකාශනයෙන් Netflix ඉවතට

Tech News මාස 9 කට පෙර 14083 Views

Oscars සම්මාන උළෙලේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීම සඳහා පැවති දැඩි තරගයෙන් ඉවත් වීමට Netflix ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මීට පෙර මෙම විකාශන අයිතිය ලබා ගැනීම සඳහා Netflix ආයතනය දැඩි උනන්දුවකින් පසු වූවද, ඔවුන් විසින් පසුගියදා Warner Bros. ආයතනය ඩොලර් බිලියන ගණනකට මිලදී ගැනීමේ ගනුදෙනුවත් සමඟ ඇති වූ නව වාණිජමය පසුබිම මත මෙම තීරණය ගෙන ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, 2028 වසරෙන් පසු ඔස්කා සම්මාන උළෙලේ විකාශන අයිතිය සඳහා ප්‍රධාන වශයෙන් තරග වැදී සිටින්නේ වත්මන් විකාශන අයිතිය හිමි ABC නාලිකාව සහ NBC Universal ආයතනයයි. ඇමරිකාවේ ABC නාලිකාව 2028 වසර දක්වා ඔස්කා සම්මාන උළෙල විකාශය කිරීමේ අයිතිය දැනටමත් සතු කරගෙන සිටී. 2028 දී පැවැත්වීමට නියමිත 100 වන ඔස්කා සම්මාන උළෙල විකාශය කිරීමෙන් පසු ඔවුන්ගේ වත්මන් ගිවිසුම අවසන් වීමට නියමිතය.

Golden Globes සම්මාන උළෙල විකාශය කළ NBC නාලිකාව, ABC නාලිකාව සතු මෙම විකාශන අයිතිය තමන් සතු කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවට වාර්තා වෙනවා. ඔලිම්පික් උළෙල වැනි දැවැන්ත සජීවී වැඩසටහන් සාර්ථකව විකාශය කිරීමේ අත්දැකීම් ඔවුන් සතු වීම ඊට ප්‍රධාන හේතුවක් වෙනවා... මීට අමතරව, YouTube ආයතනයද අනාගතයේදී මෙම විකාශන අයිතිය ලබා ගැනීමට යම් උනන්දුවක් දක්වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ලොව පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා මෙම දැවැන්ත සිනමා සම්මාන උත්සවයේ නව විකාශන අයිතිය හිමි කර ගන්නේ කවුරුන්ද යන්න තීරණය වීමට තවත් කාලයල් ගතවනු ඇතැයි විචාරකයෝ අදහස් පල කරනවා.

netflix oscar

Comments (1)

Loading comments...