Netflix සමග HBO Max එකතු වෙයි ?
Netflix සමාගම විසින් Warner Bros Discovery (එනම් HBO, CNN, HBO Max වැනි සන්නාම වල හිමිකාරිත්වය ඇති සමාගම) මිලදී ගැනීම සදහා ඉතා වැදගත් සාකච්ඡා සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී HBO Max + Netflix නමැති bundle package එකක් හදුන්වා දීමෙන් පරිශීලකයින් සදහා දැනට ගෙවන මුදලට වඩා අඩු වියදමකින් එය ලබා දීමට අවස්තාව සලසා දෙයි. දත්ත වලට අනුව, HBO Max භාවිතා කරන බොහෝ දෙනා Netflix ද භාවිතා කරන බැවින් මෙය ඉතා වාසි සහගත බව පෙන්වා දෙයි. Netflix ආයතනය පවසන පරිදි මෙය පරිශීලකයින්ට වඩාත් යහපත් වන ගණුදෙනුවන් හෙවත් customer friendly deal එකක් වන අතර මෙය තරඟකාරීත්වය අඩු කිරීමේ අරමුණක් සහිතව ඉදිරිපත් නොකරන අතර පාරිභෝගිකයින්ගේ මාසික වියදම් අඩු කිරීම හා උපරිම රසාස්වාදයක් උදෙසා ඉදිරිපත් කල යෝජනාවක් බවයි.

මෙම deal එක සාර්ථක වූවොත් පරිශීලකයින් හට එකම subscription එකක් භාවිතයෙන් Netflix + HBO Max ලබා ගැනිම ද, Movie, TV series, Documentaries, Animation, DC Universe නැරඹීම සඳහා අවස්තාව ලැබෙන අතර මෙය ලොව විශාලම content library එක වනු ඇත.