Microsoft ලගේ අලුත්ම Magnetic USB-C charging
Microsoft විසින් නව Surface Laptop Ultra සඳහා USB-C පදනම් වූ චුම්බක ආකර්ෂණය (Magnetic) මගින් සම්බන්ධ වන charging solution එකක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ තම කුඩා Surface උපාංග සඳහා භාවිතා කළ Surface Connect Magnetic Charging ක්‍රමය අවසන් කළ පසු, Surface Laptop Ultra සඳහා දැන් දකුණු පස USB-C පෝට් එකට චුම්බක ආකාරයෙන් සම්බන්ධ වන චාර්ජිං කේබලයක් ලබා දී ඇත.

Microsoft විසින් බදාදා (සැප් 7) පැවැත්වූ Windows උත්සවයේදී, Windows සහ Surface ප්‍රධානී පාවන් දවුලුරි මහතා පැවසුවේ, "connector එක ආසන්නව ගෙන ඒමට පමණක් අවශ්‍ය අතර, එය ස්වයංක්‍රීයව ස්ථානයට සවිකර ගනී" යන්නයි. මෙය තවමත් proprietary විසඳුමක් වුවද, එයට සම්බන්ධ වන USB-C පෝට් එක වීඩියෝ, දත්ත හා අනෙකුත් USB-C සම්බන්ධතා සඳහා සාමාන්‍ය ලෙස ක්‍රියා කරයි. Microsoft මෙය Magnetic Connect ලෙස නම් කර ඇති ඇත.

Microsoft පළවෙනි වතාවට මේ වසරේ ආරම්භයේදී Surface Laptop Ultra හඳුන්වා දුන්නේය. මෙය Nvidia RTX Spark චිප් එකක් සමඟ පැමිණෙන අතර, ගේම් ක්‍රීඩා, නිර්මාණශීලී කාර්යයන් සහ උපාංග මත AI (On device AI) කළමනාකරණය සඳහා හැකියාව ඇත. Surface Laptop Ultra දැන් Pre-Order කල හැකි අතර, ඔක්තෝබර් 16 වනදා සිට බෙදා හැරීම ආරම්භ වේ. මෙහි ආරම්භක මිල $2,599 ක් වන අතර, 18-Core CPU, 24GB RAM සහ 512GB Storage පහසුකම් ඇත.
Comments (2)
Join the conversation — share what you think about this post.
Login to comment