Reload
Language: English தமிழ்

වෙළඳ දැන්වීම් ආදායමෙන් Google ඉක්මවීමට Meta සූදානම්

Tech News පැය 3 කට පෙර 214 Views

Meta සමාගම 2026 අවසානය වනවිට ලොව පුරා ඩිජිටල් වෙළඳ දැන්වීම් ආදායමෙන් Alphabet Inc. සමාගම (Google මව් සමාගම) ඉක්මවීමට හැකිවිය හැකි බව නව විශ්ලේෂණයක් මඟින් අනාවරණය වී තිබේ. මේ අනුව, Meta සමාගමේ 2026 වසරේ වෙළඳ දැන්වීම් ආදායම ඩොලර් බිලියන 243.46ක් දක්වා ඉහළ යා හැකි අතර, Google සමාගම සඳහා එය ඩොලර් බිලියන 239.54ක් වටා පවතින බව සඳහන් වේ. Meta සමාගමට මෙම වර්ධනය ලබාගැනීමට හේතුවක් ලෙස එය හඳුන්වා දී ඇති 'Advantage+ automated advertising system' එක හඳුන්වයි. මෙම system එක මඟින් advertisers ලාට තම campaigns පහසුවෙන් සැලසුම් කර marketing return වැඩි කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මෙම තත්ත්වය හේතුවෙන්, දිගු කාලයක් ඩිජිටල් දැන්වීම් වෙළඳපොළයේ ප්‍රමුඛයා ලෙස සිටි Google සමාගමට දැඩි තරඟයක් ඇතිව තිබේ.

කෙසේ වෙතත්, Google සමාගම YouTube Premium වැනි වෙනත් ආදායම් මාර්ග ද පවත්වාගෙන යන අතර, එය සම්පූර්ණ ව්‍යාපාරික ආදායමට බලපාන කරුණක් ලෙස සැලකේ. Meta සමාගම WhatsApp සහ Threads වැනි platforms තුළද වෙළඳ දැන්වීම් හඳුන්වා දීමත් සමඟ, digital ad market තුළ තරඟය තවදුරටත් දැඩි වී ඇත. එමෙන්ම Instagram Reels, TikTok සහ YouTube Shorts අතර short-video market තුළද තරඟකාරීත්වය ඉහළ මට්ටමක පවතී. මේ අතර, Amazon සමඟ Meta සහ Google සමාගම් තුනම 2026 වසරේ ලෝක ඩිජිටල් වෙළඳ දැන්වීම් වියදම් වලින් 62%කට වැඩි කොටසක් පාලනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය අනුව, Meta සමාගමගේ වේගවත් වර්ධනය හේතුවෙන් ඩිජිටල් වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ බලය මාරුවන අවස්ථාවක් උදාවෙමින් ඇති බව පැහැදිලි වේ.

Meta Tiktok

Comments (0)

Please login to comment

Loading comments...