Meta විසින් social media වල හානිකර සාක්ෂි සැගවුවාද?
එක්සත් ජනපද පාසල් දිස්ත්‍රික්ක(school districts) විසින් කල සංශෝධනය නොකළ ගොනු කිරීම්වලට අනුව, November 22 වන දින Meta,Google,Tiktok සහ Snapchat සමාගම්වලට එරෙහිව ගෙන ඇති නඩුවක් අතරතුර Meta සමාගම Facebook සහ Instagram යෙදුම් නිසා පරිශීලකයන්ගේ මානසික තත්වයන්ට හානි වන බවට නිල නොවන casual proof සැගවූ බවට නවතම Us court document හෙලි කර ඇත.
2020 වසරේදී Meta internal researchers විසින් "Project Mercury" නමින් පරීක්ෂණයක් සිදු කර ඇති අතර මෙයට Nielsen survey firm එකත් සහභාගි වී ඇත.
මෙහිදී, Facebook / Instagram විනාඩි 7 ක් දිනක් deactivate කළ userලාගේ මානසික තත්ව වෙනස්වීම් සසඳා ඇත.
මෙහිදී හමුවූ ප්‍රතිඵල අනුව,
- Depression අඩු වී ඇත
- Anxiety අඩු වී ඇත
- Loneliness අඩු වී ඇත
- Social comparison ගැටළු බරපතල ලෙස අඩු වී ඇත.
එනම් සරලවම Facebook /Instagram භාවිත නොකරේනම් මානසික සෞඛ්‍ය වැඩි දියුණු වී ඇත. නමුත් Meta විසින් මෙම ප්‍රතිඵල මුදාහැරීම සිදු නොකර ඇත. මෙම පරීක්ෂණය අවාසිදායක බව දැනගත් ඔවුන් විසින් පරීක්ෂණය නවතා ලබාගත් තොරතුරු සගවා පිටත ලෝකයට කිසිදු තොරතුරක් ලබා නොදීමට කටයුතු කර ඇත. නමුත් Meta විසින් Congress එකට ''අපේ apps හානිකර වේද නොවේද යන්න හරියටම මැනිය නොහැකි බව'' පවසා ඇත. මේ පිළිබඳ ඊළග නඩු වාරයේදී කතා කිරීමට නියමිතව ඇති අතර එය January 26 දින Northern California Court හිදී පැවැත්වේ.