Home Tech Videos Programming Aviation

විශාල Tech සමාගම් සමග European Union ගැටීම්

Tech News දිනකට පෙර 911 Views

යුරෝපීය සංගමය (European Union) මේ දින වල විශාල වශයෙන් Big Tech Companies නම් විශාල ප්‍රමාණයේ තාක්ෂණික සමාගම් (Google, Apple, Microsoft, Amazon, X වැනි සමාගම්) වල බලය සීමා කර, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමට සහ අහිතකර අන්තර්ගත (Harmful Content) පාලනය කෙරෙහි දැඩි  පියවර ගනිමින් සිටින අතර එම පියවර අතරට දත්ත පාලනය , online content safety , monopoly behavior වැනි දේ අයත් වේ.


ඒ අතරම EU විසින් Google, Meta, X (පැරණි Twitter) වැනි සමාගම්වලට  විශාල වශයෙන් දඩ අය කිරීම ආරම්භ කර ඇත. මේ අතරින් විශේෂම සිදුවීම් ලෙස Elon Musk ගේ X ගිණුමට යුරෝ 120 million දඩයක් නියම කර ඇත. Elon Musk විසින් හානිකර අන්තර්ගත නියමාකාරයෙන් හැසිරීමකින් තොරව පල කිරීම මෙයට හේතුව ලෙස ඔවුන් පවසයි. EU පවසන පරිදි Big Tech companies විසින් යුරෝපිය නීති අනුගමනය කල යුතු බවයි. නමුත් මීට පිළිතුරු ලෙස Trump පවසන්නේ EU නීතී US companies වලට අනවශ්‍ය පීඩනයකට ලක්  කරන අතර මෙම ක්‍රියාමාර්ග ඇමෙරිකානු තාක්ෂණික ආර්ථිකයට අහිතකර බවයි. මීට අමතරව මීට මාස 3 කට පෙර Google සමාගමට ද යුරෝ බිලියන 2.9 billion ක දඩයක් නියම කර ඇත. මීට හේතුව වූයේ ඔවුන්ගේ online advertising market එකේ ඒකාධිකාරී හැසිරීමයි.  

europian eu meta apple