තවත් Apple සේවා යුරෝපිය Gatekeeper යටතට ?
යුරෝපා සංගමයේ (EU - Europian Union) antitrust regulatory authority එකක් වන European Commission එක විසින් Apple Ads සහ Apple Maps යන සේවාවන් දෙකත් Digital Markets Act (DMA) යටතේ "Gatekeeper" සේවා ලෙස වර්ගීකරණය කර යුතුද යන්න සදහා විමර්ශනය කිරීම ආරම්භ කර ඇත. EU විසින් Big Tech සමාගම්වලට බලය සීමා කර, පාරිභෝගිකයන්‍ට වඩා තරගකාරී වෙළෙඳපොළක් ලබා දීමට මැදිහත් වීම සිදු කරයි.
DMA යටතේ Gatekeeper සේවාවන් යටතට ගැනෙනුයේ,
. මාසික ක්‍රියාකාරී පරිශීලකයන් මිලියන 45 කට වැඩි සේවාවන්
. වෙළදපොළ අගය US $79 billion ඉක්මවා යන සමාගම්

තවද Gatekeeper බවට පත් කරන සේවාවන්ට විශේෂ නීති රීතී සහ ක්‍රියාපටිපාටි අනුගමනය කර යුතුය. Apple App Store, ios, Safari Browser අද වන විට මේ DMA නීති වලට යටත් වී ඇත. මෙම තත්වය පිළිබදව Apple සමාගමේ මතය වනුයේ Apple Ads යුරෝපීය වෙළඳ දැන්වීම් වෙළෙඳපොළෙහි ප්‍රධාන තරඟකරුවෙකු නොවන බවයි. Google, Meta, Microsoft, Tiktok, X වැනි සමාගම් වලට සාපේක්ෂව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය (Ad Share එක) අඩු අතර Apple Maps පවා Google Maps, Waze වැනි mapping සේවාවන් ට සාපේක්ෂව ඉතා සීමිත භාවිතයක් සිදු වන බවයි.
Apple සමාගමට EU Gatekeeper label එක ලැබුනොත්, ඔවුන්ට දත්ත සීමා කිරීමට සිදු වන අතර Apple maps-third party app සදහා අනිවාර්යයෙන් access ලබා දීමට සිදුවන අතර, Developer frindly fair rules follow කිරීමට සිදු වේ. තවද මෙම නිතී කැඩීම විශාල දඩයක් ගෙවීමට ද හේතු වේ.