Reload
Language: English தமிழ்

Amazon හි දැඩි රැකියා කප්පාදුවක්

Tech News පැය 16 කට පෙර 6127 Views

Amazon සමාගම තවත් විශාල රැකියා කප්පාදුවකට සූදානම් වෙමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එළබෙන සතියේදී Amazon විසින් තවත් දහස් ගණනක corporate (white-collar) සේවකයන්ගේ රැකියා අවසන් කිරීමට නියමිතය.මෙම පියවර Amazon සමාගම 30,000කට ආසන්න corporate සේවක සංඛ්‍යාවක් අඩු කිරීමේ විශාල සැලසුමක දෙවන අදියර ලෙස සැලකේ. 2025 ඔක්තෝබර් මාසයේදී Amazon විසින් දැනටමත් සේවකයන් 14,000කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර මෙම  වටයේදීද එම සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක රැකියා කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බවයි වාර්තා වේ. කප්පාදුව Amazon Web Services (AWS), Retail, Prime Video සහ Human Resources (People Experience and Technology) වැනි ප්‍රධාන අංශ කිහිපයකට බලපානු ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත්, Amazon සමාගම මේ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී ඇත. මීට පෙර සිදු කළ රැකියා කප්පාදුව AI තාක්ෂණයේ වේගවත් වර්ධනය සමඟ සම්බන්ධ කර Amazon අභ්‍යන්තර ලිපියක සඳහන් කර තිබුණ අතර එහිදී AI “Internet පසුකාලීනව දැක ඇති වඩාත්ම ප්‍රබල තාක්ෂණික වෙනස” ලෙසද හැඳින්වීය. එහෙත් Amazon ප්‍රධාන විධායක නිලධාරී Andy Jassy පසුව පැවසුවේ, මෙම රැකියා අඩු කිරීම ප්‍රධාන වශයෙන් ආර්ථික හෝ AI හේතු මත නොව, සමාගමේ “culture” සහ අධික bureaucracy(නිලධාරිවාදය) නිසා සිදු කරන පියවරක් බවයි.

Jassy පෙන්වා දුන්නේ, කාලයත් සමඟ Amazon තුළ අතිරේක management layers සහ අවශ්‍යතාවයට වඩා වැඩි සේවකයන් පිරිසක් එකතු වී ඇති බවයි. AI භාවිතයෙන් කාර්යක්ෂමතාව ඉහළ යාමත් සමඟ, ඉදිරියේදී corporate workforce එක තවදුරටත් අඩු වීමක් අපේක්ෂා කරන බවද ඔහු කලින් සඳහන් කර තිබුණි. Amazon සමාගමට සමස්තයක් වශයෙන් සේවකයන් ලක්ෂ 15.8කට (1.58 million) ආසන්න ප්‍රමාණයක් සිටින අතර වැඩිම පිරිසක් ගබඩා, delivery සහ fulfillment centers වල වැඩ කරන අයයි. ඉතිහාසයේ මෙය සිදුවන විශාලතම රැකියා කප්පාදුව ලෙසද සැලකේ. 2022 වසරේදී Amazon සේවකයන් 27,000කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළේ මීට පෙර වූ විශාලතම කප්පාදුව ලෙසයි. රැකියා අහිමි වූ සේවකයන්ට දින 90ක කාලයක් වැටුප් ලබා දෙන අතර, එම කාලය තුළ සමාගම ඇතුළත වෙනත් රැකියා සඳහා අයදුම් කිරීම හෝ වෙනත් රැකියා සොයා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙන බවත් වාර්තා වේ. එම කාලය මේ සතියේ අවසන් වීමට නියමිතය.

Amazon jobs

Comments (10)

Please login to comment

Loading comments...