ලොව පුරා Airbus A320 ගුවන් ගමන් අවලංගු වේ
Airbus සමාගම ලොකයේ පුරා A320 පවුලේ aircraft 6,000කට, ධාවනය නවතා, ඉක්මනින් නඩත්තු (Repair) කිරීමට නියෝග කරලා තියෙනවා. මෙය Airbus ඉතිහාසයෙ 55 අවුරුද්දක තුල ඇති වූ විශාලම recall එක ලෙස සැලකිය හැක. Airline සඳහා මේ ගුවන් යානා නැවත ධාවනය කරන්න පෙර flight control software එක පෙර version එකට rollback කරන්න කියලා නියෝග කරලා තියෙනවා.
මෙම recall එක travel season එකේ වඩාත් කාර්ය බහුල weekend එකක් තුළදී announce වීම airlines වලට තවත් අසීරු තත්ත්වයක් ගෙන දී තිබෙනවා. දැනටමත් engine repair backlog, staff shortage, සහ maintenance delays තියෙන airlines වලට මෙය ඇති විශාල පීඩනයක් ගෙනවිත් තිබෙනවා. ඒ නිසා ලොව පුරා delays (ප්‍රමාද වීම්) , cancellations (ගුවන් ගමන් අවලංගු කිරීම්), schedule changes (කාලසටහන් වෙනස්වීම්) ඇතිවෙනවා කියලා දැනටමත් බලාපොරොත්තු වී තිබෙනවා.
ඔක්තෝම්බර් 30, JetBlue A320 ගුවන් යානය, Cancun සිට Newark ගමන් කිරීමේදී altitude loss (උන්නතාංශය අඩුවීමක්) එකක් සටහන්විමෙන් Tampa වෙත හදිසි ගොඩබාමක් කිරීමට සිදුවිය. කිහිප දෙනෙක් හට මෙහිදී තුවාලද සිදු විය. මේ අනතුර, Airbus engineers ලාට software-radiation link එක තහවුරු කරන්න ප්‍රධාන clue එකක් වුණා.

Airbus සමාගම සිදු කල සොයාගැනීම් වලට අනුව මෙය software bug එකක් නෙවෙයි. ප්‍රබල සූර්ය විකිරණ තත්ත්ව වලදී aircraft flight-control computers වල සංවේදී වැදගත් data corrupt (දත්ත විකෘති වීමක්) වෙන අවස්තාවක් එක හඳුනාගෙන තියෙනවා. මේ corruption එක flight-control logic එකට directly බලපෑම් කරලා එක වර ඇති වන altitude වෙනස් කම් (උසෙහි ඇති වෙන වෙනස් කම්) වගේ භයානක තත්ත්වයන් ඇති වෙන්න අවස්ථා තියෙනවා.
A320 series එක fly-by-wire system එකට heavily depend වෙන aircraft category එකක්. ඒ නිසා onboard flight data එක corrupt වීම flight safety එකට massive risk එකක්. fly-by-wire යනු electronic දත්ත මත පදනම් ගුවන් යානයේ පාලනය සිදුවීමයි. (පෙර පවතී සාම්ප්‍රදායික cable ක්‍රමය වෙනුවට). මෙය ගුවන් නියමුවන්ට අඩු පරිශ්‍රමයකින් flight controls මෙහෙයවීමට අවස්තාවක් ලබාදෙන අතර ගුවන් නියමුවන්ගේ වැරදි වැලැක්වීම සඳහා මෙහිදී සියලුම inputs පරික්ෂා කිරීම, ගුවන් අනතුරු වලක්වා ගැනීමට අතිශය පහසුවක් වේ .
Airbus දැන් radiation-resistant data-handling patch එක release කරන බව තහවුරු කර තිබෙනවා. Aircraft reactivation කරන්න airlines ලාට software rollback, testing, සහ inspection complete කරන්න සිදු වෙනවා. එතෙක්, A320 පවුලේ ගුවන්යානා බහුතරයක්, ferry flights only mode එකෙන් maintenance centres වෙත ගමන් කරනවා.