YouTube Search Filters අලුත් වෙයි
YouTube හි, Web සහ mobile apps දෙකේම search filters වලට නව සංස්කරණයන් හඳුන්වා දී ඇති බව වාර්තා වෙයි. මෙහිදී Type category යටතේ Shorts filter එකක් එක් කර ඇති අතර, මෙය users ලට Shorts videos හෝ long-form videos තෝරා බලන්න හැකිවීම සලසයි. පෙරදී search results වලදී Shorts සහ long videos එකට මිශ්‍රව පෙන්වීම නිසා දිගු වීඩියෝ සෙවීම අපහසු වීමක් තිබුණි.

Sort By menu එක දැන් Prioritise ලෙස නම්කර ඇති අතර, මෙය search results සංවිධානය කිරීමේ ක්‍රමය හොඳින් ප්‍රකාශ කරන බව YouTube පවසයි. එහි View count විකල්පය Popularity ලෙස වෙනස් කර ඇති අතර, Popularity filter එක view count, watch time සහ search query සම්බන්ධතාවය වැනි සංඛ්‍යාත්මක සහ qualitative දත්ත මත videos ශ්‍රේණිගත කරයි. YouTube, Upload Date – Last Hour සහ Sort by Rating විකල්ප ඉවත් කර ඇත. මෙවැනි filters නිසි ලෙස ක්‍රියා නොකළ අතර user complaints ඇතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ. නමුත්, users ලට අද, මෙම සතිය, මෙම මාසය, සහ මෙම වසර යන Upload Date filters භාවිතා කර නවතම videos සෙවිය හැක.
Filters menu එක සරල කරමින්, Type යටතේ Videos, Shorts, Channels, Playlists, සහ Movies යන විකල්ප දැක්වෙයි. Duration filter එකත් වෙනස් කර ඇති අතර, options ලෙස Under 3 minutes, 3 to 20 minutes, සහ over 20 minutes යන කාණ්ඩ තිබේ. Live, HD, සහ 4K වැනි filters පෙර පරිදිම පවතී. මෙම නවීකරණය YouTube වෙබ් අඩවිය සහ mobile apps දෙකේම ක්‍රමයෙන් හඳුන්වා දෙන අතර, සමහර users ලට ඉක්මනින් මෙම වෙනස්කම් පෙනී යනු ඇත. YouTube පවසන්නේ, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ search experience එක වඩා කාර්යක්ෂම හා user-friendly කිරීම බවයි.
Comments (9)
Please login to comment