Home Tech Videos Programming Aviation

WhatsApp ගිණුම් බිලියන 3.5 ක දත්ත එලියට

Tech News දින 12 කට පෙර 6235 Views

WhatsApp ගිණුම්  බිලියන 3.5ක Phone Numbers සහ Profile Pictures ලෝකයට හෙළිවුණු බව වියානා පර්යේෂණයකින් හෙළිවෙයි

WhatsApp හි ‘contact discovery’ ක්‍රමවේදය තුළ තිබූ නවීන නිර්මාණ දෝෂයක් හරහා ලෝකයේ WhatsApp ගිණුම් 3.5 බිලියනකට අදාළ දුරකථන අංක, Profile picture, About text සහ අනෙක් Meta-data ලබා ගැනීමට ඔස්ට්‍රියාවේ University of Vienna හි පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබෙන බව WIRED වාර්තා කරනවා.

පර්යේෂකයන් විසින් WhatsApp හි contact discovery දෝෂය අනිසි ලෙස භාවිතා කර ඇති අතර, එය මගින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි Profile Picture වලින් අවම වශයෙන් 57%ක් සහ දුරකථන අංක විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත. 

WhatsApp contact discovery කියන්නේ මොකක්ද? එමගින් දත්ත කොහොම ලබා ගත්තද?
ඔබ දුරකථනයේ කුමක් හෝ Number එකක් save කර පසු Whatsapp වෙත ඔබගේ Phonebook වෙතට පිවිසීමේ අයිතිය තිබේනම් ඔබට එම number එක WhatsApp තිබෙනවාද නැද්ද යන්න දැනගැනීමට හැකියාව ලැබෙනවා.  
තවද  WhatsApp server එක user profile public නම් profile photo, about text වැනි තොරතුරුද පෙන්වීම සිදුකරයි. මේ ආකරයෙන් WhatsApp විසින් ලබාදෙන, public information scrape කීරීම මගින් 3.5 billion account data ලබා ගෙන ඇත. මීට අමතරව ඔවුන්ට whatsapp පවතින 'about text', සම්බන්ධිත උපාංග භාවිතය (companion-device usage), ව්‍යාපාරික ගිණුම් තොරතුරු ඇතුළු තවත් දත්ත රාශියක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම තත්වයට විශාල වශයෙන්  ඉන්දියානු පරිශීලකයන් මුහුණ දී ඇත.සක්‍රීය පරිශීලකයින් අතරින් මිලියන 750ක් පමණ සිටින්නේ ඉන්දියාවේයි.ඉන්දියානු පරිශීලකයන්ගෙන් 62%කගේ Profile picture ප්‍රසිද්ධියේ දර්ශනය වීමට (Everyone) සලසා ඇත.

ඉන්දියාවේදී, ඩිජිටල් පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ පරිශීලකයාගේ දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය පුද්ගලික දත්ත ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පනතේ විධිවිධාන අදාළ වන්නේ පරිශීලකයා විසින් ප්‍රසිද්ධියේ ලබා දී ඇති පුද්ගලික දත්ත සඳහා නොවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙයින් අදහස් කරන්නේ තම profile picture ප්‍රසිද්ධියේ දැකීමට සකසා ඇති පරිශීලකයින් පවතින නීතිය යටතේ ආරක්ෂා නොවීමට ඉඩ ඇති බවයි.

whatsapp data breach apps