Netflix නැවතත් යහ මගට ?
Netflix සමාගම Warner Bros Discovery මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු, තම ව්‍යාපාරයේ ප්‍රධාන අවධානය නැවත content නිෂ්පාදනය සහ දැන්වීම් ආදායම වැඩි කිරීම වෙත යොමු කරමින් සිටී. Warner Bros. Discovery සමාගම මිලදී ගැනීම සාර්ථක වුනේ නම්, “Game of Thrones” සහ “Friends” වැනි ජනප්‍රිය content Netflix වෙත එක්වීමට ඉඩ තිබුණි. එමඟින් තමන්ම content නිර්මාණය කිරීමට වැය වන විශාල වියදම් අඩු කරගැනීමට Netflixට හැකිවනු ඇතැයි සැලකුණි. කෙසේ වෙතත්, එම ගනුදෙනුව සිදු නොවීමත් සමඟ, Warner Bros සහ Paramount Skydance එකතුවෙන් ඇතිවිය හැකි නව සමාගම් සමඟ තරඟය තවදුරටත් වැඩිවිය හැකි තත්ත්වයක් පවතී.

මේ අතර, Netflix සමාගම පළමු ත්‍රෛමාසික ආදායම ඩොලර් බිලියන 12.18ක් දක්වා ඉහළ යා හැකි බව අපේක්ෂා කෙරේ. එයින් ඩොලර් මිලියන 634ක් පමණ දැන්වීම් ආදායමෙන් ලැබෙන බවද සඳහන් වේ. Netflix විසින් ඇමරිකාවේ subscription මිල වැඩි කිරීමත් සමඟ, සමහර භාවිතාකරුවන් ad-supported plan වෙත මාරු විය හැකි බවටද අදහස් පළවෙයි. එය දැන්වීම් ආදායම වැඩි කිරීමට උපකාරී විය හැකි බවද සැලකේ. මෙම වසරේදී Netflix shares 13%කින් ඉහළ ගොස් ඇති අතර, Warner Bros ගනුදෙනුවෙන් ඉවත්වීමෙන් පසු එය තවදුරටත් වර්ධනය වී තිබේ. එමෙන්ම, Netflix සමාගම live content වෙතද වැඩි අවධානයක් යොමු කරමින් සිටී. BTS සංගීත කණ්ඩායමේ concert එකක් ලොව පුරා මිලියන 18කට වැඩි පිරිසක් නරඹා තිබීමත්, 2026 World Baseball Classic තරඟාවලිය විශාල ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමත් ඒ සඳහා උදාහරණ වේ. මෙම සියලු කරුණු අනුව, Netflix සමාගම දැන් දැන්වීම් සහ live content වැනි නව ආදායම් මාර්ග හරහා තම ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටින බව පැහැදිලි වේ.
Comments (0)
Please login to comment