Uber Eats කෑම Delivery වලට Robot ලා
Uber Eats සහ Starship Technologies එක්ව බ්‍රිතාන්‍යයේ හි Leeds සහ Sheffield නගර දෙකෙහි නව AI-powered delivery robot service එකක් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මෙම සේවය නගරක් තුල, ඉතා කුඩා දුර ප්‍රමාණයට බඩු රැගෙන යාම සදහා automated කිරීමේ, ලොව පළමු ව්‍යාපෘතියයි. මෙම රොබෝ උපාංග Starship Technologies සමාගම විසින් නිර්මාණය කරන අතර මෙම රොබෝවරු මිනිස් හැසිරීමකින් තොරව ක්‍රියාත්මක වේ. ඔවුන්ට "Level 4 autonomy" ලබා දී ඇති බව Uber ආයතනය පවසයි.

Level 4 autonomy සමග රොබෝවරු මිනිස් පාලනයෙන් තොරව පිළිවෙලකට map කරන ලද area එකකදී සම්පූර්ණයෙන් ස්වයංක්‍රියව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. එනම් ඔවුන් ලබා දී ඇති විධාන වලට අනුව ඒවාට සීමා වී මෙම රොබෝවරු තම ක්‍රියාවලිය සිදු කරයි. මොවුන්ට 6 km/h පමණ වේගයක් ඇති අතර ආහාර උණුසුම්ව රදවා ගැනීමේ හැකියාව ද ඇත. මේ වන විට Starship robots USA,UK,Estonia වැනි රටවල් වල 500,000+ පමණ deliveries සිදු කර ඇත.
මෙහිදී පාරිභෝගිකයාට අඩු delivery cost එකක් ලබා දීමට,ආහාර නැවුම්ව ලබා දීමට බලාපොරොත්තු වන බව Uber ආයතනය පවසයි. කෙසේවෙතත් මෙම රොබෝවරු භාවිතය ගැනීමේදී නීතී මාලාවකට යටත්ව කටයුතු කර යුතුය.