Reload
Language: English தமிழ்

ඇමෙරිකානු Tiktok ගිවිසුම

Tech News දින 5 කට පෙර 17112 Views

චීන සමාගමක් වන ByteDance සතු TikTok, ඇමරිකාවේ තහනමට මුහුණ දීම වැළැක්වීම සඳහා, නව US joint venture එකක් පිහිටුවීමට නිල වශයෙන් එකඟතාවයකට පැමිණ ඇත. මෙම නව ව්‍යාපෘතිය TikTok USDS Joint Venture LLC ලෙස නම් කර ඇති අතර, එය බහුතරයෙන් ඇමරිකානු අයිතිය යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙම ගනුදෙනුව අනුව, TikTok හි ඇමරිකානු පරිශීලක දත්ත, apps සහ algorithms ඇමරිකානු පාර්ශවයන් විසින් පාලනය කරන නව ව්‍යුහයක් තුළ සුරක්ෂිත කරනු ඇත. Oracle, Silver Lake සහ Abu Dhabi හි MGX යන ආයතන තුනම මෙම joint venture එකේ 15% බැගින් කොටස් හිමිකරුවන් වන අතර, සමස්ත වශයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයන් 80.1% හිමිකමක් දරනු ඇත. ByteDance සමාගම සතු කොටස් ප්‍රමාණය 19.9% දක්වා සීමා කර තිබේ.

මෙම පියවර, TikTok පිළිබඳව 2020 වසරේ සිට පවතින ඇමරිකානු ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට විසඳුමක් ලෙස සැලකේ. 2024 දී ඇමරිකානු නීතියක් මඟින් ByteDance සමාගමට TikTok හි ඇමරිකානු ව්‍යාපාර විකුණා දැමීමට හෝ එසේ නොකළහොත් තහනමකට මුහුණ දීමට නියම කර තිබුණි. එම නීතිය උසාවිය විසින්ද අනුමත කර තිබුණි. ඇමරිකානු ජනාධිපති Donald Trump මෙම ගනුදෙනුව පිළිබඳව සතුට පළ කරමින්, TikTok දැන් “Great American Patriots and Investors” විසින් පාලනය වන බව සඳහන් කර ඇති අතර, මෙම ගිවිසුම සාර්ථක වීමට චීන ජනාධිපති Xi Jinpingගේ සහයෝගයද ලැබුණු බව ඔහු කියා සිටියේය. මෙම නව joint venture එක ක්‍රියාත්මක වීමෙන් TikTok භාවිතා කරන මිලියන 200කට අධික ඇමරිකානු පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂාව සහතික කිරීමත්, TikTok ඇමරිකාවේ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමත් අරමුණු කරගෙන ඇත. එහෙත්, ByteDance සහ නව ව්‍යාපාරය අතර නිශ්චිත ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ සවිස්තර තොරතුරු තවමත් සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

Tiktok America

Comments (8)

Please login to comment

Loading comments...