Reload
Language: English தமிழ்

PS5 Gaming Console හි මිල ඉහලට

Tech News පැය 3 කට පෙර 263 Views

ජපානයේ තාක්ෂණ විශාල සමාගමක් වන Sony විසින් තම ජනප්‍රිය gaming console එක වන PlayStation 5 (PS5) හි මිල නැවතත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙය වසරක් ඇතුළත සිදුකරන දෙවන මිල වැඩි කිරීමක් බව වාර්තා වේ. මෙම නව මිල සංශෝධනය April 2 සිට ක්‍රියාත්මක වන අතර, United States හි PS5 standard version එකේ මිල $549.99 සිට $649.99 දක්වා $100 කින් ඉහළ ගොස් ඇත. PS5 Digital Edition එක $599.99 දක්වා ඉහළ ගොස් ඇති අතර, high-end PS5 Pro model එක $899.99 දක්වා වැඩි වී ඇත. එමෙන්ම PlayStation Portal remote player එකද $199.99 සිට $249.99 දක්වා ඉහළ ගොස් තිබේ. Sony සමාගම පවසන්නේ මෙම මිල වැඩි කිරීමේ ප්‍රධාන හේතුව ලෙස memory chip මිල ඉහළ යාම සහ global supply chain pressure බවයි. Artificial Intelligence (AI) infrastructure සඳහා chip ඉල්ලුම දැඩිව ඉහළ යාම හේතුවෙන් chip නිෂ්පාදකයින් data center සඳහා chips නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලබා දීමත් සමඟ consumer devices සඳහා chip සැපයුම සීමිත වී ඇත.

මෙම තත්ත්වය gaming consoles වැනි devices නිෂ්පාදනයේ වියදම් ඉහළ යාමට හේතු වී ඇති අතර, Sony එම වියදම් පාරිභෝගිකයින් වෙත මාරු කරමින් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත. විශ්ලේෂකයින් පවසන්නේ PS5 මිල වැඩි කිරීම gaming market එකේ වර්ධනයට නරක බලපෑමක් ඇති කළ හැකි බවයි. පසුගිය holiday season (October-December) කාලය තුළ PS5 sales 16% කින් පහළ ගොස් units 8 million දක්වා අඩු වී තිබේ. Sony පසුගිය වසරේ August මාසයේදීද PS5 මිල $50 කින් ඉහළ දැමූ අතර, Microsoft සමාගමද තම Xbox consoles සඳහා මිල වැඩි කිරීමක් සිදු කළේය. AI technology වර්ධනය සහ chip demand ඉහළ යාම හේතුවෙන් gaming industry එකට පවා බලපෑම් ඇතිවෙමින් පවතින බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.

මේත් සමග ශ්‍රී ලංකාවේ, දල වශයෙන් රු.40,000 කට ආසන්න මිලකින් PS5 consoles මිල ඉහල යනු ඇතැයි SL Geek අප බලාපොරොත්තු වෙමු. 

PS5 Gaming

Comments (4)

Please login to comment

Loading comments...