Home Tech Videos Programming Aviation

Meta Smart Glasses ගෝලීය නිකුත්වීම් තාවකාලිකව නැවතී

Tech News දිනකට පෙර 1520 Views
Meta සමාගම තම Ray-Ban Display smart glasses සඳහා තිබෙන ඇමරිකානු වෙළඳපොළේ අධික ඉල්ලුම සහ තොග (inventory) හිඟය හේතුවෙන්, ගෝලීය වශයෙන් විකිණීම් (international rollout) තාවකාලිකව නවත්වන බව නිවේදනය කර ඇත. Meta සමාගම මුලින් සැලසුම් කර තිබුණේ 2026 ආරම්භයේදී UK, France, Italy සහ Canada වැනි රටවල් වලට මෙම smart glasses හඳුන්වා දීමටයි. එහෙත් දැන් ඔවුන් තීරණය කර ඇත්තේ, ප්‍රථමයෙන් ඇමෙරිකාවේහි ඇනවුම් සම්පුර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමටය.
Meta විසින් සඳහන් කරන්නේ, "මෙය first-of-its-kind product එකක් එනම් මෙවැනි වර්ගයක නිෂ්පාදනයක පලවෙනිම නිෂ්පාදිතය වන අතර තොග ඉතා සීමිත බවයි. Launch එකෙන් පසුව අපි බලාපොරොත්තු වූවාටත් වඩා කැමැත්තක් ඒ සඳහා ලැබුණ බවයි.” එමෙන්ම, Ray-Ban Display glasses සඳහා wait list එක 2026 වසර දක්වා දිගු වී තිබෙන බවත් Meta ආයතනය තහවුරු කර තිබේ.
 
Ray-Ban Display Smart Glasses කියන්නේ මොනවද?
 
මෙම smart glasses Meta විසින් EssilorLuxottica හි Ray-Ban brand එක සමඟ එකතුවී නිර්මාණය කර ඇති product එකකි.
 
මෙම glasses මඟින්:
• Photos capture කිරීම
• Audio සහ content stream කිරීම
• Voice commands හරහා Meta AI assistant සමඟ කතා කිරීම වැනි features ලබා දෙයි. සාමාන්‍ය Ray-Ban sunglass එකක් වගේ පෙනුම තියෙන නිසා, bulky headset එකක් වගේ නොව දිනපතා පැළඳිය හැකි device එකක් විදිහට ජනප්‍රිය වී ඇත.
 
IDC EMEA හි Devices Data and Analytics හි VP වන Francisco Jeronimo අනුව:
• නිකුත් වූ පළමු කාර්තුව තුළ units 15,000 විකිණී ඇත
• Smart glasses category එකේ 6% market share එකක් Meta ලබාගෙන ඇත. මෙය Meta සඳහා ඉතා හොඳ early success එකක් ලෙස industry එක තුළ සැල කේ. EssilorLuxottica සමාගම 2025 ඔක්තෝබර් මාසයේදී, Smart glasses business එක සඳහා production capacity accelerate කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරලා ඇත. එනම්, Meta Ray-Ban glasses shortage එක තාවකාලික ගැටළුවක් වීමට ඉඩ තිබේ.
 
Meta, Las Vegas හි පැවැත්වුණු Consumer Electronics Show (CES) එකේදී:
• Ray-Ban Display glasses සඳහා teleprompter feature එක announce කළා
• Notes read කරන්න
• Wristband එක (Meta Neural Band) භාවිතා කර scroll කරන්න පුළුවන්
• Pedestrian navigation feature එක, Denver, Las Vegas, Portland, Salt Lake City ඇතුළු නගර 4කට expand කළා
• සම්පුර්ණයෙන් මෙම navigation සේවාව භාවිතා කල හැකි නගර ගණන 32ක්
Meta සමාගම:
• VR headsets (Quest series)
• Smart glasses
• AI wearables
 
වැනි devices හරහා අනාගත computing platform එකක් සකස් කිරීමේ උත්සාහයක නිරත වේ. Ray-Ban Display glasses වල ඇමරිකාව තුල සාර්ථකත්වය, Meta සමාගමට, ඔවුන්ගේ මේ ගමන් මග නිවැරදිද යන්නට සාක්ෂි ලබා දෙනු ඇත.

meta sunglass vr ar smart glass