Reload
Language: English தமிழ்

අප්‍රේල් සිට Messenger වෙබ් අඩවිය නවතී

Tech News පැය 2 කට පෙර 326 Views

ලොව ප්‍රසිද්ධ සමාගමක් වන Meta විසින් තම Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් සිට නතර කිරීමට අවසන් තීරණයකට එළඹී තිබේ. Meta සමාගමේ නිල සහාය පිටුවේ සඳහන් කර ඇති පරිදි, මෙම වෙබ් අඩවිය එහි පරිශීලකයින්ට දැන් ලබා නොදෙනු ඇති අතර ඒ වෙනුවට Facebook හි අංගයක් වන facebook.com/messages වෙත විසුරුවනු ලැබේ.Messenger වෙබ් අඩවිය වැසෙන අතර, පරිශීලකයින්ට පරිගණක හරහා Messenger පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට Facebook වෙබ් අඩවිය හරහා login විය යුතු වේ.Meta සමාගම පවසන්නේ පරිශීලකයින්ගේ චැට් හා message data Facebook messaging interface එක තුළ පවතින බවයි.

Facebook ගිණුමක් නොමැති පරිශීලකයින්ට ඇති බලපෑම

මෙම වෙනස විශේෂයෙන් බලපාන්නේ Messenger භාවිතා කරන විට Facebook ගිණුමක් නොතිබෙන පරිශීලකයින් වෙතයි. 2026 අප්‍රේල් පසුව, ඔවුන්ට web හරහා Messenger භාවිතා කිරීමට හැකියාව නොතිබෙන අතර, mobile app එක පමණක් භාවිතා කළ හැකි වනු ඇත. Meta සඳහන් කරන්නේ, පරිශීලකයින්ගේ chat history restore කිරීමට ඇති secure backup PIN එක නිවැරදි ලෙස තිබේ නම් එය භාවිතා කරමින් messages නැවත ලබා ගැනීමට හැකි බවයි. PIN අමතක කළහොත්, reset කිරීමට අවස්ථාවක් ද Meta ලබා දේ.

Messenger හි අතීත ඉතිහාසය හා වෙනස

Messenger ප්‍රථම වරට “Facebook Chat” ලෙස 2008 දී ආරම්භ වූ අතර, 2011 දී standalone mobile app එකක් ලෙස වැඩි දියුණු කරනු ලැබීය. 2014 දී mobile app එකෙන් messaging remove කර Messenger standalone එනම් තනිව භාවිත කල හැකි සේවාවක් ලෙස හඳුන්වාදීම සිදුවුනි. නමුත් 2023 සිට Facebook app එකට අදහස්, features සහ messaging capabilities නැවත එක් කරමින් platform එක ඒකාබද්ධ කර ගැනීම ආරම්භ විය. Meta සමාගම මේ වනවිට standalone Messenger desktop apps (Windows හා Mac සඳහා) ද පෙරම නැවතූ අතර, දැන් web version එකද නැවතීම ඔවුන්ගේ product ecosystem එක තුළ simplification (සරල කිරීම) සහ operational cost අඩු කිරීම සඳහා ගත් පියවරක් ලෙස පැවතිය යුතුය.

Meta Massenger Facebook

Comments (4)

Please login to comment

Loading comments...