Reload
Language: English தமிழ்

මිලින් අඩු Macbook එකක් නිකුත් වේ

Tech News පැයකට පෙර 269 Views

Apple තමන්ගේම මිල සීමාව ඉක්මවා $599 ක MacBook එකක් නිකුත් කර තිබේ. මෙම MacBook Neo මොඩලය සඳහා iPhone 16 Pro හි A18 Pro chip එක භාවිතා කර ඇති අතර, Apple සමාගම කියා සිටියේ මෙය Intel මත පදනම් වූ Windows laptop වලට වඩා 50% දක්වා වේගයක් ලබා දෙන බවයි. අද දිනයේ නවයෝර්ක්, ලන්ඩන් සහ ෂැංහයි හි එකවර පැවැති උත්සවවලදී හඳුන්වා දුන් Neo මොඩලය Apple සමාගමේ ඉතිහාසයේ පළවෙනි $600 ට අඩු මිලැති laptop එක වන අතර, මෙම මිල ගණන් සීමාව නව මට්ටමකට ගෙන ගොස් තිබේ.

මෙම MacBook Neo මොඩලය 256GB Storage සහිත 8GB Ram මතකයක් සහිත මූලික සංස්කරණය සඳහා $599 සිට ආරම්භ වන අතර, 512GB ගබඩා සහ Touch ID යතුරුපුවරුවට ඇතුළත් කළ සංස්කරණය $699 කින් ලබා ගත හැකිය. ඉගෙනුම් අවශ්‍යතා (Edu Users ලා) සඳහා මෙම මිල ගණන් $499 සහ $599 දක්වා පහත වැටෙයි. මෙය $1,099 සිට ආරම්භ වූ පළමු මට්ටමේ MacBook මිලට පෙර ගිය සිසුන්ට, වඩා පහසු මිලකට Apple MacBook එකක් ලබා ගැනීමට අවස්ථාව සලසයි.

A18 Pro chip එක තුළ Performance cores දෙකක්, efficiency cores 4ක්, cores 5 ක GPU එකක් වගේම 16-core Neural Engine එකක් ඇතුළත් වේ. ජංගම උපාංගයකින් ආරම්භ වූ නමුත් Apple පවසන්නේ මෙය දෛනික වෙබ් බ්‍රවුසිං වැනි කාර්යයන් Intel Core Ultra 5 processor එකක් සහිත PC එකට වඩා දැඩි වේගයෙන් සිදු කරන බවයි. AI වැඩ බහුලව සිදු කරන කාර්යයන්, අනෙකුත් තරඟකාරී පද්ධතිවලට වඩා තුන් ගුණයක් වේගවත් ක්‍රියාත්මක වේ.

මෙම මිල අගය ලබා ගැනීමට Apple විසින් යම් යම් කැපකිරීම් සිදු කළා.599$ වන මොඩලයෙහි, පසු පස ආලෝකය (backlit) සහිත යතුරුපුවරුවක් සහ Touch ID නොමැති අතර, ඒවා $699 සංස්කරණයට පමණක් සීමා වේ. ආරෝපණය USB-C ද්විත්ව පෝට් මගින් සිදු වන අතර, ඉහළ මට්ටමේ MacBook මොඩලවල පවතින MagSafe ports නොමැත.

display සඳහා අඟල් 13 ක Liquid Retina පැනලයක් ඇත. එහි resolution එක 2408 × 1506 වන අතර බිලියනයකට වඩා වර්ණ සහ 500 nits ආලෝක තීව්‍රතාවක් සහිතයි. Apple පවසන්නේ මෙය මෙම මිල පරාසයේ බොහෝ PC laptop වලට වඩා දීප්තිමත් සහ ඉහළ විභේදනයක් ඇති බවයි. Apple විසින් සිදුකල පරීක්ෂණ අනුව, බැටරි ආයු කාලය එක්වර ආරෝපණයකින් පැය 16 දක්වා පවත්නා බවයි.

Neo මොඩලය සිල්වර්, බ්ලෂ් (පැහැදිලි රෝස), ඉන්ඩිගෝ (නිල්), සහ සිට්‍රස් (කහ) වර්ණ හතරකින් ලබා ගත හැකි අතර, මෙය Apple සමාගමේ පළවෙනි වර්ණවත් laptop පෙළ ලෙස සලකනු ලැබේ, එය පළවෙනි iBooks මොඩලවලට සමාන වේ. ආරම්භක ඇණවුම් දැන්ම ආරම්භ වී ඇති අතර, පළමු බෙදාහැරීම් මාර්තු 11 වන දින 30 කට වැඩි රටවල සිදු කිරීමට නියමිතය. මෙම නව නිෂ්පාදනය Windows laptop වලට වඩා මිල අඩු වීම හේතුවෙන්, 2028 වන විට budget කාණ්ඩයේ එවැනි උපාංග අහෝසි වීමේ අවදානමක් පවතින බවට විචාරකයින් පෙන්වා දෙයි.

macbook apple laptop

Comments (0)

Please login to comment

Loading comments...