Home Tech Videos Programming Aviation

iOS 26 ඇතුළු WWDC 2025 ගැන

Tech News මාස 2 කට පෙර 6890 Views

වසරක් තුල පවත්වන ප්‍රධානතම apple events දෙකෙන් එකක් වන Apple WWDC හෙවත් apple dev keynote එක මිට පැය කිහිපයකට පෙර පැවැත්වුනා .  මේ event එකේදී apple ආයතනය ප්‍රධාන ලෙසම software සඳහා මුලිකත්වයක් ලබාදෙන අතර එහිදී iOS, macOS, watchOS, visionOS, iPadOS, tvOS හි අලුත්ම සංස්කරණය ප්‍රකාශයට පත් කිරීම සිදු වේ .  මෙහි විශේෂත්වයක් වුයේ ,  මෙහිදී නිකුත් වීමට තිබු විවිධ ඉලක්කම් වලින් සමන්විත වූ මෙම operating systems, එකම ඉලක්කමකින්, නැතිනම් 26 ලෙස නිකුත් වීමයි .  ඒ අනුව මීළඟට නිකුත් වීමට තිබු OS හි නම් වෙනස් වුයේ මෙසේය . 

  • iOS 19 -> iOS 26
  • iPadOS 19 -> iPadOS 26
  • tvOS 19 -> tvOS 26
  • macOS 16 -> macOS 26
  • watchOS 12 -> watchOS 26
  • visionOS 3 -> visionOS 26

මෙම සංස්කරණ මෙම වසර අවසානයේ පැවැත්වෙන hardware keynote එක හෙවත් අලුත්ම iPhone සංස්කරණය නිකුත් කිරීමේදී පැවැත්වෙන event එකෙන් පසුව release කිරීම සිදු වේ .  

apple wwdc ios software keynote