Intel නව Core Ultra Series 3 චිප් සමඟ AI යුගයේ නැවත නැඟී සිටීමට උත්සාහ කරයි
ඉන්ටෙල් (Intel) සමාගම කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ නැවත ශක්තිමත් වීමට නව යුගයක් ආරම්භ කරමින්, තම නවතම Core Ultra Series 3 චිප් එක හඳුන්වා දී තිබෙනවා. මෙම චිප් එක 2026 වසරේදී නිකුත් වන බොහෝ ප්‍රධාන ලැප්ටොප් මාදිලිවල භාවිතා කිරීමට නියමිත අතර, AI කාර්යයන් සඳහා විශේෂයෙන්ම optimize කර තිබෙන බව Intel පවසයි. පසුගිය දශකය තුළ AI සහ mobile chip ක්ෂේත්‍රවලදී Nvidia, Qualcomm සහ AMD වැනි සමාගම් නිසා Intel සමාගමට වෙළඳපොළ කොටස් අහිමි වුණත්, Laptops , Desktops PC chip වෙළඳපොළේ තවමත් ප්‍රමුඛ ස්ථානයක් Intel සතුයි. එහෙත් Apple 2020 සිට තම MacBooks සඳහා Intel chips භාවිතය නවතා, තමන්ගේම processors භාවිතා කිරීම Intel සඳහා විශාල අභියෝගයක් බවට පත්වූ අතර Intel හි නව CEO වන Lip-Bu Tan යටතේ, සමාගමට නව turnaround strategy එකක් හඳුන්වා දී ඇත. එහි ප්‍රධාන කොටසක් ලෙස Core Ultra Series 3 chip එක භාවිතා කරමින් PC පමණක් නොව, robots, edge devices සහ AI-powered devices වැනි නව ක්ෂේත්‍රවලටත් Intel chips ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. Intel Client Computing Group හි ප්‍රධානී Jim Johnson පවසන්නේ, “PC සහ cloud අතර ඇති device ගණන සීමාවක් නැති තරම්” යනුවෙනි.

මෙම නව chip එක හරහා, battery life වැඩි කිරීම, AI-based video conferencing (Zoom වැනි apps), coding assistants සහ on-device AI processing සඳහා වැඩි performance ලබා දෙන ලෙස design කර ඇත. Intel පවසන පරිදි, මෙම chip එක භාවිතා කරමින් 200කට අධික නව PC designs වෙළඳපොළට පැමිණීමට නියමිත බවයි. ඊට සමකාලීනව Intel, humanoid robots වැනි අනාගත AI භාවිතයන් පිළිබඳවද විශාල අවධානයක් යොමු කරමින් ඇත. Healthcare සහ industry sectors සඳහා robots නිපදවන Oversonic Robotics සමාගම, Nvidia chips වෙනුවට Intel Core Ultra 3 chip භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වූ අතර Intel පවසන්නේ cloud වෙත connect වීම අවශ්‍ය නොවීම නිසා latency අඩු වීම සහ cost advantage එකක් මෙහි ඇති බවයි.

එමෙන්ම, ඇමරිකානු රජය විසින් Intel සමාගමට ආධාර ලබා දීමත්, Donald Trump විසින් “US තුළ chip manufacturing නැවත ශක්තිමත් කිරීම” පිළිබඳව Intel සමඟ සෘජු සහයෝගය දක්වමින් සිටීමත්, සමාගමට අනාගතය ගැන විශ්වාසයක් ලබා දී ඇත. සමස්තයක් ලෙස බැලීමේදී, Intel නව Core Ultra Series 3 chip එක මඟින් AI යුගයේ නැවත තරඟයට පැමිණීමට උත්සාහ කරන බව පැහැදිලිය. PC වෙළඳපොළේ තම බලය තවදුරටත් ශක්තිමත් කරමින්, robots සහ edge AI වැනි අනාගත ක්ෂේත්‍රවලට ද ඉදිරියට ගමන් කිරීම Intel හි දිගුකාලීන අරමුණ බවට පත්ව ඇත.
Comments (4)
Please login to comment