Home Tech Videos Programming Aviation

iOS 26 Install කරගමු

Tutorials මාස 2 කට පෙර 12396 Views

මේ ලිපියෙන් අපි කතා කරමු, කොහොමද iOS 26 වගේ අලුතෙන්ම එන iOS versions කිසිම dev account එකක් නැතුව release වෙන්නත් කලින් download කරගන්නේ කියලා . මුලින්ම ,  apple ආයතනය ප්‍රධාන ආකාර 3 කින් මේ software updates release කරනවා . 

  1. Developer Beta 
  2. Public Beta
  3. Final Version

මෙතැනදී ,  developer beta එක නිකුත් වෙන්නේ developers ලා වෙනුවෙන් .  අලුත් iOS එක test කරන්න , apps සකස් කරන්න වගේ දේවල් වලට .  හැබැයි මේ beta එක තුල සැහෙන්න ප්‍රශ්න තියෙන්න පුළුවන් .  

  1. ඉක්මනින් battery බැසීම 
  2. stuck වීම 
  3. සමහර apps crash වීම 
  4. සමහර hardware ප්‍රශ්න (green line ගැටළු ) 
  5. සමහර features අක්‍රිය වීම (Eg-Face ID වැඩ නොකිරීම ) 

මේ හේතුවෙන් developer beta සංස්කරණය මුලින්ම නිකුත් වන සංස්කරණය වුවත් එය ඔයා පාවිච්චි කරන iPhone එකට දාගන්න එක ටිකක් අනුමත කරන්න අමාරුයි .  මිට අමතරව public beta එක සාමාන්යෙන් මේ ගැටළු බොහෝ දුරට විසඳන ලද සංස්කරණයක් .  මෙහි ගැටළු තියෙන්න පුළුවන් .  එත් සාපේක්ෂව ගොඩක් අඩුයි . WWDC අවසන් වූ විගස developer beta එක නිකුත් වෙනවා .  එතනින් මාස කිහිපයකින් public beta එක පැමිණෙනවා .  අලුත් iPhone එකක් නිකුත් වෙන සැප්තැම්බර් පමණ ,  official version එක නිකුත් වෙනවා . 

හරි ,  දැන් අපි බලමු කොහොමද මේ beta versions install කරන්නේ කියලා .  ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා .  

(1) Beta profile එකක් නැතුව 

මේ ලින්ක් එකෙන් Developer.apple.com/account ගිහින් apple account එකත් එක්ක sign වෙන්න. 

පසුව Settings > General > Software Update > Beta Updates ගිහින් beta updates enable කරන්න . 

පසුව update එක පෙන්වාවි .  update එක install කරන්න .  

(2) Beta Profile එකක් හරහා 

මෙම වෙබ් පිටුව හරහා beta profile එකක් download කරගන්න . 

https://betaprofiles.dev/

පසුව එය install කරන්න .  පසුව beta updates enable කරන්න .  දැන් ඔබට iOS 26 update එක පෙන්වාවි . 

ios 26 update software