Home Tech Videos Programming Aviation

Google Pay ශ්‍රී ලංකාවට

Tech News දින 14 කට පෙර 7778 Views

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතියට ලොකු update එකක් අද ලැබුණා. Google Pay හා Google Wallet අවසානයේදී Sri Lanka වේ users ලා සඳහා officially enable වුනා. මේ සමග ශ්‍රී ලංකාවේ Android users ලා ට NFC-enabled phone එකක් භාවිතයෙන් tap-to-pay transactions කරන්න පුළුවන්, ශ්‍රී ලංකාව ඇතුලේ පමණක් නොවේ ,  ලොව පුරා Visa terminals වලදිත්. පෙර වීඩියෝ වලදී අප කතා කළා ඔබට මතක ඇති , කොහොමද apple හෝ google pay ශ්‍රී ලංකාවේ අපිට භාවිත කිරීමට පුළුවන් වන්නේ කියලා . මේ සඳහා Wise වැනි පිටරට බැංකුවක card එකක් හෝ bybit වැනි crypto wallet card එකක් භාවිත කිරීමට සිදු විය .  නමුත් මේ සමග මෙතෙක් කල් ,  ශ්‍රී ලංකාවේදී අපට apple හෝ google pay භාවිත කිරීමට හැකි වුනි .  

Wise භාවිතයෙන් සකස් කල වීඩියෝව පහලින් . 

Bybit card එක ගැන වීඩියෝව පහලින් . 

මොකක්ද මේ Apple Pay/ Google Pay ? 

Apple pay සහ Google pay යනු සරලවම අපේ smart phone එක , Smart watch (apple watch, samsung/pixel වගේ android wearOS base වුන watches) තුලට අපේ credit/debit card පත virtually එකතු කිරීමයි . එනම් ,  ඔබ ගෙවීමක් කිරීමේදී ඔබට සරලවම ඔබේ smart watch එක හෝ phone එක , අදාළ card machine එක මත tap කිරීම ප්‍රමාණවත් වේ .  

අපි එදිනෙදා ජීවිතේදී tap to pay භාවිතා කරන අවස්ථා ඇත .  super market එකකට ගොස් ගෙවීම් කිරීමේදී ,  card machine එක මත ඔබගේ සාමාන්‍ය debit/credit card පත tap කර ගෙවීම් සිදු කිරීම මේ වන විට සාමාන්‍ය දෙයකි .  අතීතයේදී අප විසින් මෙම machine එකට card පත insert කිරීම හෝ swipe කිරීම සිදු කළෙමු . Digital wallets ද වැඩ කරනුයේ මෙසේය .  ඔබට සරලවම ගෙවීම් කිරීමේදී watch/ phone එක tap කිරීම ප්‍රමාණවත් වේ.

Apple pay සහ google pay, ශ්‍රී ලාංකිකයින් සඳහා නොතිබුණද ,  විදෙස් රටක සිට පැමිණෙන digital wallets භාවිත කරන සාමාන්‍ය පරිශිලකයෙක්ට මෙතෙක් කාලයක් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාවේදී අවස්තාව ලැබුණි .  සරලවම ,  tap to pay සිදු කල හැකි ඕනෑම card payment machine එකකින් apple pay භාවිත කල හැක . මේ වන විට වෙළඳපොළෙහි ඇති සෑම card machine එකකම tap to pay සහාය ඇත . ඒ අනුව ලංකාවට digital wallets අලුත් වුවාට ,  ලංකාවේ මෙතෙක් කල් මේවා භාවිත කිරීමට අවස්තාව තිබුණි .  නමුත් ගැටලුව නම් , ලංකාවේ කිසිදු debit/credit card පතක් , digital wallet සඳහා සහාය නොදැක්වීමත් ,  එම නිසා digital wallet එකක් වෙත එකතු කිරීමට නොහැකි වීමයි . 

ඉතිං, මේක ශ්‍රී ලංකාවේ අපිට සෑහෙන්න වැදගත් news එකක්. මේ ක්‍රියාවලිය පසුපස commercial බැංකුව ලොකු කාර්ය භාරයක් සිදු කර තිබෙනවා . ඒ සමග දැනට මෙම සේවාව ලබාගත හැකි වෙන්නේ  Commercial Bank Visa cards පරිශීලකයින්ට පමණයි. මේ සඳහා සුදුසුකම් ලබන්නේ Commercial bank visa debit/ credit කාඩ් පත් (තෝරාගත් ranges වල ) පමණි . නමුත් මෙම google pay සේවාව පැමිණෙනවාත් සමග ,  අනෙක් බැංකු සේවාද කෙමෙන් කෙමෙන් එකතු වේ යැයි විශ්වාස කරමු . කෙසේ වෙතත් ,  තවමත් google pay පමණක් commercial cards හරහා භාවිත කිරීමට හැකි වන අතර apple pay සේවාව තව දුරටත් ශ්‍රී ලංකාවට සහාය නොදක්වයි . 

පළමුව මිත්‍යා මත කිහිපයක් නැති කරමු .

Digital wallets (Google pay/ Apple pay) ගොඩක් ආරක්ෂිතයි . ඔබ ඔබගේ කාඩ්පත භාවිතා කරනවාටත් වඩා . ඔබගේ දුරකථනයෙහි ඔබගේ කාඩ්පත් අංකය save වීම සිදුවන්නේ නැත .  ඒ වෙනුවට token එකක් save වීම සිදුවේ .  මෙම token එක සරලවම ඉලක්කම් අංක මිශ්‍ර වුන කේතයක් ලෙස සලකමු .  මෙම කේතය භාවිතයෙන් ගනුදෙනුවකදී ඔබගේ කාඩ් පත හඳුනා ගැනීම සිදු වේ .  මේ නිසා කිසිදු පාර්ශවයකට ඔබගේ card පත් අංක share විම සිදු නොවේ . මෙම ක්‍රියාවලිය tokenization ලෙස හඳුන්වයි . Apple pay සහ google pay ක්‍රියාත්මක වීම දෙවිදියකට සිදු වුවද ,  ප්‍රධාන සිද්ධාන්තය මෙයයි . 

එසේම digital wallet ගෙවීමක් ඔබ tap කල ගමන් සිදු නොවේ .  ඒ සඳහා wallet එක open කර ඔබගේ faceid, pin, fingerprint භාවිත කර authenticate කිරීම අනිවාර්ය වේ . 

නමුත් සාමාන්‍ය කාඩ් පත් ගෙවිමකදී ,  ඔබ විසින් කාඩ් පත cashier වෙත ලබාදේ .  නැත්නම් ඔබ විසින් tap කරයි .  මෙහිදී ඔබගේ කාඩ්පත තවත් බොහෝ පිරිසකට දර්ශනය වේ .  ඒ වගේම ඔබගේ කාඩ්පත වෙනත් කෙනෙක් හට සොරකම් කිරීමට හැකිවේ .  නමුත් google හෝ apple pay තුලදී මෙම ප්‍රශ්නය විසඳා ඇත .

තවද google/apple pay ගෙවිමකදී ඔබෙන් අමතර ගාස්තුවක් අය නොවේ .  

 

ඒ අනුව දැන් ඔබට google pay භාවිත කිරීමට අවස්ථාව ඇත . Google wallet app එක download කර, ඔබගේ commercial bank credit/ debit කාඩ් පතක් මෙයට එකතු කර ඔබට සාමාන්‍ය පරිදි ගෙවීම් සිදු කල හැක .  මෙලෙස card එක එකතු කිරීමේදී OTP එකක් හරහා verification එකක් සිදු වේ.

වැදගත් :  එදිනෙදා ජීවිතයේදී භාවිතයේදී, බොහොමයක් පිරිස් google pay ගැන නොදන්නා බැවින් , ගෙවීමක් සිදු කිරීමේදී Google pay සඳහන් කිරීමෙන් වලකින්න . බොහෝ විට එය සිදු කල නොහැකි බව පවසාවි . එබැවින් cashier හට ,  ඔබට tap to pay (නැතිනම් card payment එකක් කිරීමට අවශ්‍ය බව දැනුවත් කරන්න).  මොකද ,  ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති සියලුම card payment machines පාහේ tap to pay support කරන නිසා ,  ඔබට සාමාන්‍ය කාඩ් පතක් tap කරන විදියටම Phone එකේ wallet එක open කර සාමාන්‍ය පරිදි ගෙවීම් සිදු කල හැකිවේ . 

එසේම , සමහර පරිශීලකයින්ට අනුව ,  ඔවුන්ගේ com bank card පත් තවමත් add වීම සිදු නොවේ . මෙය google/ apple pay වල පොදු ගැටළුවක් වන අතර මෙය ශ්‍රී ලංකාවට පමණක් අවේනික දෙයක් නොවේ .  සමහර අවස්ථා වලදී යම් යම් හේතුන් මත කාඩ්පත් add වීම සිදු නොවේ .  මෙහිදී බැංකුවෙහි සහාය ලබාගැනීම හෝ වෙනත් visa කාඩ් පතක් ලබාගැනීම සිදු කල හැක .  (මේ සඳහා ඔබට අලුත් කාඩ් පතකට ගෙවීම් කිරීමට සිදු වේ ) එසේම virtual cards සඳහාද digital wallets සහාය දක්වයි . 

google pay sri lanka google pay sri lanka apple pay sri lanka digital payments sri lanka