Home Tech Videos Programming Aviation

Google Labs විසින් Disco

Tech News දිනකට පෙර 1039 Views
Google Labs හි නවතම  experiment එකක් විදිහට “Disco” නමින් අලුතින් platform එකක් Test  කිරීම ආරම්භ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ නම්  modern web එකට ගැළපෙන ආකාරයේ browsing experience එක නැවත නිර්මාණය කිරීමයි. Disco එකේ පළමු feature එක GenTabs ය. මෙහිදී ඔබගේ browser එකේ open tabs (උදා: articles, docs, videos, product pages) එකතු කර ඒවා “remix” කර ඔබටම ගැලපෙන custom app එකක් වැනි page එකක් නිර්මාණය කිරීම Gemini 3 model එක හරහා සිදු වෙයි.
 
උදාහරණයක් විදිහට, ඔබ ඔබගේ මීළඟ Tour එක පිලිබඳ tabs කිහිපයක් open කරලා තිබුණොත්, GenTabs විසින් ඔබගේ මීළඟ tour එක ගැන පෙන්වීම් කරන interactive mini tool එකක් සකස් කර පෙන්වීමට හැකියාව පවතී. මෙය chrome තුල වැඩ කරන, ඔබගේ චාරිකාවට අදාළ වූ mini app එකක් වැනිය.  ඔබට එක click එකකින් මෙය භාවිතා කිරීමටත් ,  සරලවම ඒ සමග ඔබගේ Tour එක වඩාත් interactive ලෙස organize කිරීමටද අවස්තාව සැලසේ. මෙය සාමාන්‍යයෙන්  tab browsing එකක් වෙනුවට, ඔබට වැදගත් points, links, summaries, සහ actions එකම තැනක ලබා ගත හැකි tool එකක් වැනි සංකල්පයක් ලෙස  හැදින්විය හැකිය.
 
 
මෙහි ප්‍රධාන වාසි නම්
• Tabs ගොඩක් අතර “lost” නොවී එකම task එකකට custom workspace/app එකක් ලැබීම.
•  Research, learning, shopping, planning වැනි වැඩ වලදී time save වීම.
•  Gemini 3 වගේ model එකක් හරහා auto-structure + suggestions ලැබීම.
 
 
Disco දැනට Google Labs experiment එකක් වන අතර 
• Developers
• Researchers
• Students
• Power users
වැනි advanced users ලා target කරමින් test කරමින් සිටින feature එකක් ලෙස හැදින්විය හැකිය.
 
Tech analysts ලා පවසන ආකරයට මෙය, Disco සහ GenTabs වගේ features අනාගතයේ දී, Chrome browser experience එක, Web apps build කිරීම, AI + browsing එක combine කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව ඇත.

Google Labs Disco GenTabs