Samsung Galaxy Z Fold 7 කොහොම වෙයිද ?

ඔයත් Galaxy Z Fold 7 ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක්ද ? Samsung ලගේ foldable වලට ආයෙත් hype එකක් අරන් ආපු එකක් තමයි මේ.
2020 Galaxy Z Fold 2 එක්ක foldable world එකට පටන්ගත්ත Samsung ලා , අද තවත් level එකකට ගිහිල්ලා. Fold 5 එක පසුගිය අවුරුද්දෙ අලුත් features ගොඩක් අඩුයි කියලා බොහෝ දෙනා කතා කළා. ඒත් මේ අවුරුද්දෙ Fold 7 එකත් එක්ක ඒ හැම එකකටම Samsung එක reply එකක් දුන්න වගේ අපිට පෙන්න තියෙන්නේ .
Thin එකට hype එක!
Samsung Galaxy Z Fold 7 එකේ noticeable වෙනසක් තමයි thin design එක. Leak වුණු images වලින්ම බලද්දී fold කරපු වෙලාවේ phone එක super slim.
One UI 7 – Smooth
Galaxy S25 Ultra එකෙන් පස්සේ One UI 7 software update එකේ වැඩක් තියෙනවා කියලා පේනවා. UI එක optimize වෙලා, phone එක use කරන හැටිම හරි smooth. Z Fold 6 එක තාම Beta level එකේ වුනත්, Fold 7 එකට proper One UI 7 එකක් එනවමයි. එතකොට experience එක next level වෙනවාමයි .
Camera
Camera side එකත් Samsung දැන් seriously අරගෙන තියෙන්නෙ. 200MP main sensor එකක් කියලා ගොඩක් leaks වලින් කියනවා. තව දෙයක් තමයි – under display camera එක drop කරලා, normal hole-punch camera එකක් use කරන එක.
Display එක – Anti-Reflective එකක්?
Display එකත් upgrade වෙනවා කියලා තියෙන්නෙ. හරිම වැදගත් point එකක් තමයි – anti-reflective coating එකක් එනවලු කියලා තියෙන්නෙ.
Samsung Galaxy Z Fold 7 එක දැක්කම සැහෙන්න හොඳ feeling එකක් එනවා. Fit and finish එකේ elegance එක, UI එකේ smoothness එක, camera upgrade එක – මේ හැම එකක්ම අරගෙන Z Fold 7 කියන්නෙ “Samsung foldable is back!” කියන signal එකක් වගේ.