Home Tech Videos Programming Aviation

Fortnite සම්පූර්ණයෙන් Appstore තුලින් ඉවත් කෙරේ

Tech News දින 6 කට පෙර

Epic games සමාගමට අයත් ප්‍රසිද්ධ Fortnite game එක Apple iPhone සහ iPad උපාoග වලින් ලොව පුරා නැවත ඉවත් කර ඇත.Epic Games සමාගම යුරෝපීය සංගමයේ නව නීති (Digital Markets Act) යටතේ Fortnite ගේම් එක යළි iOS වලට ඇතුළු කිරීමට උත්සහ කළ අතර, එමගින් යුරෝපීය iPhone භාවිතා කරන්නන්ට ද ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රීඩා කිරීමට හැකිවූවාය.

එහෙත් Apple සමාගම මෙම උත්සහය විරුද්ධව ක්‍රියා කරමින්, Fortnite iOS පද්ධතියෙන් සම්පූර්ණ ලොව පුරා ඉවත් කර ඇත.Fortnite game ඉතිහාසය දෙස බලන විට, 

2018: Fortnite iOS සඳහා හඳුන්වා දෙන ලදි.

2020: Epic සමාගම Apple App Store නීති උල්ලංඝනය කිරීමෙන් පසු Apple Fortnite ගේම් එක iOS වෙතින් ඉවත් කළා.

2024: යුරෝපීය සංගමයේ නව නීති මත Epic යළි Fortnite iOS සඳහා ලබාදීමට සමත් විය.

2025 මැයි: Apple විසින් Epic Games සමාගමේ අලුත් ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් Fortnite ලොව පුරා iOS පද්ධතියෙන් ඉවත් කරයි.

Epic Games Apple සමාගමට විරුද්ධ නව නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන අතර, යුරෝපීය සංගමයේ නියාමකයන් Apple සමාගමේ ක්‍රියාමාර්ග නීතිවිරෝධීද යන්න පරීක්ෂා කරනු ඇත.

Fortnite Game ios mobile games appstore