Home Tech Videos Programming Aviation

අවු. 16 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ගේ Facebook අවහිර කෙරේ

Tech News දින 13 කට පෙර 6570 Views
Meta විසින් ඕස්ට්‍රේලියාහි අවුරුදු 16ට අඩු ළමයින්ට Facebook, Instagram, Threads අවහිර කිරීමට පියවර ගනී..
 
ඕස්ට්‍රේලියාව තුළ 16ට අඩු තරුණ තරුණියන්ගේ සමාජජාල භාවිතය සීමා කිරීමටත්, අලුතින් ගන්නා නීති වලට අනුකූලව , Meta සමාගම විසින් Instagram, Facebook සහ Threads සේවා December 10වෙනිදාට පෙරම ප්‍රවේශය අවහිර කරන බව ප්‍රකාශ කර ඇත.
 
Meta සමාගම පවසන පරිදි ,ඔවුන් වයස 13 සිට 15 දක්වා ලෙස සැලකෙන සියලුම ගිණුම් වලට app හරහා, email හරහා සහ SMS හරහා මේ පිලිබදව දැනුම් දී ඇත. දෙසැම්බර් 4 සිට මේ account වසරක් ඇතුලත deactivate කිරීම පටන් ගන්බ බවත් ඒ අනුව 16 ට අඩු කිසිම කෙනෙකුට දෙසැම්බර් 4 සිට instagram ,Facebook ,Threads වලට නව ගිණුම්  සාදා sign up වීමට අවස්ථාවක් සැලසෙන්නේ නැත. මේ ක්‍රමය දෙසැම්බර් 10 වන විට අවසන් වනු ඇතැයි meta පවසයි.
 
Meta වයස තහවුරු කිරීම සඳහා විවිධ age assurance systems භාවිතා කරන අතර නීතියට අනුකූල වීම සඳහා data minimisation policy එකත් follow කිරීම සිදු කරයි. එනම්, ඒ අනුව user විසින් සඳහන් කල age එක පිලිබඳ සැකයක් තිබුණොත්, එම අවස්ථාවේ පමණක් අමතර තොරතුරු ඉල්ලන බවයි.
 
 
Meta හි Global Head of Safety, Antigone Davis අනුව: 
“අපි December 10 තෙක් හැකි පමණින් 16ට අඩු සියලුම users ලා remove කරනවා. නමුත් මේක නිරන්තරව check කරන්න වෙන එක ongoing process එකක්”.
 
ඕස්ට්‍රේලියා internet regulatorට අනූව
• Facebook 13 සිට 15 දක්වා users 150,000ක් පමණ ඇති බවත්
• Instagram එකේ එම වයස කාණ්ඩයේ users 350,000ක් පමණ සිටන බවත්
Threads සඳහා තොරතුරු කිසිදු සංඛ්‍යාලේඛනවලටම නොමැති බවත් සදහන් කරන්වා.

facebook meta australia