Language: English தமிழ்

කැනඩා-චීන EV බදු ඉවත් කිරීමෙන් Tesla සමාගමට වාසි

Extras පැය 5 කට පෙර 1161 Views

කැනඩා රජය විසින් චීනයේ නිෂ්පාදිත විදුලි වාහන (EV) සඳහා පනවා තිබූ 100% ආනයන බද්ද ඉවත් කර නව වෙළඳ ගිවිසුමක් හඳුන්වා දීමත් සමඟ, Tesla සමාගම එයින් ප්‍රථම වාසිය ලබන වාහන නිෂ්පාදකයෙක් වනු ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි. නව ගිවිසුම අනුව, කැනඩාව වසරකට චීනයෙන් EV වාහන 49,000ක් දක්වා 6.1%ක බද්දක් යටතේ ආනයනය කිරීමට අවසර ලබා දී ඇත. එම සීමාව ඉදිරි වසර 5 තුළ 70,000ක් දක්වා ඉහළ දැමීමටද කැනඩා අගමැති Mark Carney පවසයි. මෙය පෙර පැවති 100% බද්දට සාපේක්ෂව විශාල ලිහිල් කිරීමක් ලෙස සැලකේ. මෙම තත්ත්වය තුළ Tesla සමාගමට විශේෂ වාසියක් ලැබෙන්නේ, ඔවුන් 2023 වසරේදීම තම Shanghai factory එක කැනඩා වෙළඳපොළට වාහන අපනයනය කිරීමට සූදානම් කර තිබීම නිසාය. එම වසරේදී Tesla විසින් චීනයෙන් කැනඩාවට Model Y වාහන යැවීම ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස Vancouver වරාය හරහා චීනයෙන් ආනයනය වූ වාහන සංඛ්‍යාව වසරකට 460%කින් ඉහළ ගොස් තිබුණි.

කෙසේවෙතත් 2024 වසරේදී කැනඩා රජය චීනයේ අධික නිෂ්පාදන ප්‍රතිපත්ති වලට ප්‍රතිචාරයක් ලෙස 100% බද්දක් පැනවීමෙන් පසු, Tesla එම අපනයන නවතා දැමීමට සිදුවිය .එතැන් සිට Tesla කැනඩාවට වාහන සැපයීම US සහ Berlin factories මගින් සිදු කර අතර නව වෙළඳ ගිවිසුමත් සමඟ, Shanghai factory වෙතින් නැවතත් කැනඩාවට වාහන අපනයනය කිරීම ඉක්මනින් ආරම්භ කළ හැකි බව auto industry විශේෂඥයින් පවසති. විශේෂයෙන්ම Model 3 වැනි අඩු මිල EV වාහන බහුලව චීනයේ නිෂ්පාදනය වන බැවින්, Teslaට කැනඩා වෙළඳපොළේ මිල තරඟකාරීත්වය වැඩි කරගැනීමට මෙය අවස්ථාවක් බවට පත් වේ. තවත් වැදගත් කරුණක් වන්නේ Tesla සමාගමට දැනටමත් කැනඩාව පුරා stores 39ක් තිබීමයි. එයට සාපේක්ෂව BYD, Nio වැනි චීන EV සමාගම් තවමත් කැනඩා වෙළඳපොළ තුළ විකුණුම් ජාලයක් ස්ථාපිත කර නැති නිසා, Teslaට marketing සහ distribution අතින් පැහැදිලි වාසියක් හිමිවේ. විශේෂඥයින් පවසන්නේ, Tesla සමාගමට වාහන මොඩල් ගණන සීමිත වීම, නිෂ්පාදන පද්ධති සරල වීම සහ ගෝලීය factories අතර supply ඉක්මනින් වෙනස් කළ හැකි හැකියාව, මෙම නව EV වෙළඳපොළ වෙනසෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඉඩ සලසන බවයි.

 

Tesla BYD

Comments (1)

Please login to comment

Loading comments...