ළඟදීම එන DeepSeek V4 එක්ක Coding ක්ෂේත්‍රයට දැඩි තරඟයක්
චීනයේ AI ආරම්භක සමාගමක් වන DeepSeek සමාගම, coding කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නව AI මොඩලයක් 2026 පෙබරවාරි මාසයේදී නිකුත් කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි. “DeepSeek V4” ලෙස හඳුන්වනු ලබන මෙම නව මොඩලය, software developers සඳහා ඉතා උසස් coding හැකියාවන් ලබා දෙන AI පද්ධතියක් ලෙස නිර්මාණය කර ඇති බව සඳහන් වේ. DeepSeek ආයතනය තුළ සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණ වලදී, V4 මොඩලය Anthropic සමාගමේ Claude සහ OpenAI හි GPT series වැනි ප්‍රමුඛ AI මොඩල වලට වඩා coding tasks වලදී වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන බව දැක ගත හැකිව ඇත. විශේෂයෙන් දිගු සහ සංකීර්ණ coding prompts process කිරීමේදී DeepSeek V4 එකට වඩාත් ප්‍රබල හැකියාවක් තිබෙන බවත් වාර්තා වේ.

මෙම නව මොඩලය developers ලාට විශාල codebases, complex software projects සහ multi-file programming tasks වඩා පහසුවෙන් handle කිරීමට උදව් කරන ලෙස නිර්මාණය කර ඇති බව සඳහන් වේ. දිගු code instructions එකවර process කිරීම, bugs හඳුනාගැනීම සහ code optimize කිරීම වැනි කාර්යයන් සඳහා V4 මොඩලය විශේෂ වාසියක් ලබා දීමට අපේක්ෂා කෙරේ. Hangzhou නගරය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වන DeepSeek, චීනය තුළ ස්වදේශීය AI ecosystem එකක් ගොඩනගා ගැනීමේ උත්සාහයේ ප්‍රධාන සමාගමක් ලෙස සැලකේ. පෙරදී නිකුත් කළ DeepSeek-V3 සහ DeepSeek-R1 මොඩල Silicon Valley හි AI විශේෂඥයන්ගෙන් ද හොඳ ප්‍රතිචාර ලබාගෙන ඇත. කෙසේ වෙතත්, DeepSeek සමාගම සමහර රටවල security සහ privacy පිළිබඳ ගැටලු හේතුවෙන් විමර්ශන වලටද ලක්ව තිබෙන බව Reuters සේවාව පෙර වාර්තා කර තිබුණා. DeepSeek V4 මොඩලය නිකුත් වුවහොත්, coding focus වුන AI ක්ෂේත්‍රයේ OpenAI සහ Anthropic වැනි සමාගම්ට දැඩි තරඟයක් ලබා දීමට ඉඩ ඇති බව විශ්ලේෂකයන් පවසයි. DeepSeek විසින් මේ වන තෙක් මෙම වාර්තාව නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත්, පෙබරවාරි මැද භාගයේදී නව AI මොඩලය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇති බවට තාක්ෂණ ලෝකය බලාපොරොත්තු තබාගෙන සිටී.
Comments (3)
Please login to comment