Home Tech Videos Programming Aviation

ලොව පුරා වෙබ් අඩවි රැසක් Down කල Cloudflare අර්බුධය

Tech News දින 15 කට පෙර 8045 Views

අද (November 18, 2025) දහවල් Cloudflare සේවාවේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියා විරහිත විය . ChatGPT, X (Twitter), Canva, Spotify, Claude වැනි platform ගණනාවක් මිනිත්තු කිහිපයක සිට පැය කිහිපයක් දක්වා බිඳ වැටුන අතර එහිදී මෙම වෙබ් අඩවි හි විවිධ වූ errors දක්නට ලැබුණි.

Cloudflare යනු ලොව වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන්න භාවිතා කරන CDN + Security + Traffic Routing provider කෙනෙකි. ඒ නිසා Cloudflare down වීම , අන්තර්ජාලයේ විශාල කොටසක් down වීමට හේතුවක් වේ . 

එත් ,  මේ Outage එක ආරම්භ වුනේ කෙසේද ?

Cloudflare අනුව, අද 11:20 UTC කාලයේදී “unusual traffic spike” එකක් (අසාමාන්‍ය භාවිතයක් )  ඔවුන්ගේ service layers වල දිස් වීමට පටන් ගෙන තියෙනවා.

පසුව:

  • Internal service degradation එකක් පෙන්වලා

  • Cloudflare dependent වෙබ් අඩවි වලට 500 errors, “Website not loading”, “Please try again later” වැනි messages, worldwide users දක්නට ලැබුණා.

  • මෙය cyber ප්‍රහාරයක් ලෙස සැලකීමට තරම් සාක්ෂි ලැබී නැත . 
  • 14:42 UTC දී outage එක “resolved” කියලා update එකක් cloudflare විසින් ලබාදෙන ලදී.
  • ලොව සියලු වෙබ් අඩවි, සෘජුවම cloudflare භාවිත නොකලත් විවිධ ක්‍රම ඔස්සේ cloudflare භාවිත කරයි .  ChatGPT වැනි සේවා, web හරහා භාවිත කිරීමේදී පවා challenge pages (bot verification) පවා load වෙන්නේ නැති තත්ත්වයක් ඇති වී තිබුණි .  මෙයට හේතුව මෙම සේවා cloudflare හරහා සිදු වීමයි .  මේ නිසා users ලාට chatgpt වැනි විවිධ වෙබ් අඩවි නිසි ලෙස වැඩ කලත් ,  ඒවාට log වීමට හෝ log වී තිබෙන sessions පවත්වා ගැනීමට නොහැකිව තිබුණි . 

Cloudflare යනු ශ්‍රී ලංකාවේද ,  SL Geek ඇතුළු වෙබ් අඩවි ,  apps, APIs විශාල ප්‍රමාණයක් භාවිතා කරන සේවාවකි .  මේ හේතුව නිසා SL Geek ඇතුළු ලංකාවේ බොහොමයක් වෙබ් අඩවි තුලට පහුගිය පැය කිහිපය තුල ලඟාවිය නොහැකි තත්වයක් තිබිණි .  

DoS attacks වලින් වෙබ් අඩවි ආරක්ෂා කිරීම සඳහා Cloudflare බහුලව භාවිත වේ .  බොහෝ විට DoS attacks වලට සාර්ථකව මුහුණ දීමට cloudflare උදව් කරන අතර බොහෝ දුරට මෙම සේවාවන් ඔවුන් නොමිලයේ සපයයි . DDos attack එකක් යනු , පිරිස් විසින් වෙබ් අඩවි මත අනවශ්‍ය ලෙස බරක් යෙදීමෙන්, එම වෙබ් අඩවි නවතා දැමීමට දරන උත්සාහයකි . 

තවමත් cloudflare outage එක සම්පුර්ණයෙන් විසඳි නොමැති නිසා තව දුරටත් down වීම් අපේක්ෂා කල හැකි අතර, ඒ වන විටත් cloudflare ආයතනය ,  මෙම සිදුවීම නිවැරදි කරමින් සිටි .  

cloudflare internet outage