සඳුදා සිට Bus වලටත් Card Payments
ලබන සදුදා (නොවැ. 24) සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු බැංකු කාඩ්පත් වලින් ගෙවීමේ හැකියාව හිමි වේ...
ශ්‍රී ලංකාවේ බස් ගමනාගමනය සදහා Contactless Card Payment System(Tap-to-Pay) මේ මස November 24 වන දින සිට ආරම්භ වේයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව වැඩ පිලිවලක් ලෙස ක්‍රියාත්මක වන මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිදු වෙයි. මෙය නිල විශයෙන් මාකුඹුර බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ක්‍රම ක්‍රමයෙන් සමස්ත ලංකාව පුරාම දියත් කිරීමට තීරණය කර ඇත.

මෙහිදී ප්‍රධාන අන්තර් මාර්ග 3 ක් ඇතුලුව මාර්ග 20 ක් පමණ ආවරණය කිරීමට සැලසුම් කර ඇත. මේ අනුව බදුල්ල ,ගාල්ල,මාතර වෙත යන බස් රථ සදහා මේ අවස්ථාව මුලින්ම අත් විදීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී පොදු රථවාහන ගමනාන්ත තොරතුරු රැස් කිරීමට හැකියාවක් ලැබෙනු අතර මගීන් සදහා ද පහසු වන බව විශ්වාස කරයි.
මෙම ක්‍රියාවලිය සදහා රජයේ සහ රජයේ නොවන බැංකු පහක් දැනටමත් සහය දැක්වීමටට කැමැත්ත පල කර ඇත.
Comments (4)
Join the conversation — share what you think about this post.
Login to comment