Language: English தமிழ்

BBC YouTube සමඟ නව content ගිවිසුමක්

Tech News පැය 5 කට පෙර 593 Views

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ රාජ්‍ය ප්‍රචාරණ ආයතනය වන BBC, ලෝකයේ විශාලතම වීඩියෝ වේදිකාවක් වන YouTube සමඟ නව content ගිවිසුමක් සකස් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.  මෙම ගිවිසුම ඉදිරි දින කිහිපය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් විය හැකි බව සඳහන් වේ. මෙම ගිවිසුම යටතේ, BBC විසින් YouTube සඳහා විශේෂයෙන් නිර්මාණය කරන වැඩසටහන් පළමුවරට නිෂ්පාදනය කිරීමට නියමිතයි. ඒවා මුලින්ම YouTube තුළ ප්‍රදර්ශනය කරනු ලබන අතර, පසුව BBC හිමිකාරී iPlayer සහ BBC Sounds වේදිකාවන් තුළද පළ කිරීමට සැලසුම් කර ඇත.

මෙම තීරණයට ප්‍රධාන හේතුව වන්නේ, විශේෂයෙන්ම තරුණ පරපුර streaming platforms සහ social video platforms වෙත වැඩි වශයෙන් යාමයි. YouTube, TikTok වැනි වේදිකාවන් අද වනවිට traditional TV වලට වඩා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගන්නා නිසා, BBCටත් තම අන්තර්ගතය නව ආකාරයකින් ප්‍රේක්ෂකයන් වෙත ළඟා කරගැනීම අත්‍යවශ්‍ය වී ඇත. BBC සමාගම බ්‍රිතාන්‍යය තුළ ප්‍රධාන වශයෙන් TV licence fee මත යැපෙන නිසා, දේශීය ප්‍රේක්ෂකයන්ට BBC අන්තර්ගතය ප්‍රචාරණ රහිතව ලබා දෙනවා. නමුත් YouTube ගිවිසුම හරහා, බ්‍රිතාන්‍යය පිටත ප්‍රේක්ෂකයන්ට මෙම වැඩසටහන් ප්‍රචාරණ සමඟ පෙන්වා අමතර ආදායමක් උපයා ගැනීමට BBCට හැකියාව ලැබෙනු ඇත. මෙම ගිවිසුමේ තවත් වැදගත් අරමුණක් වන්නේ YouTube හි algorithm-driven discovery එක භාවිතා කර, BBC අන්තර්ගතය ලෝකය පුරා නව ප්‍රේක්ෂකයන් වෙත ගෙනයාමයි. YouTube හි short-form සහ long-form content දෙකම හොඳ ප්‍රතිචාර ලබාගන්නා නිසා, BBC විසින් documentary clips, explainers, youth-focused programs වැනි formats පරීක්ෂා කළ හැකි බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

දත්ත අනුව, 2025 අවසානයේදී YouTube සඳහා බ්‍රිතාන්‍යයේ මාසික ප්‍රේක්ෂකයන් මිලියන 51.9ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එය BBC හි 50.8 million ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩි අගයක්. මෙම සංඛ්‍යාත්මක වෙනසද BBC වෙත තම digital strategy එක නැවත සකස් කිරීමට බලපා ඇති බව සඳහන් වේ.  කෙසේ වෙතත්, BBC මේ වනවිටත් දේශපාලනික හා නීතිමය අභියෝග කිහිපයකට මුහුණ දී සිටින අතර, එම පසුබිම තුළ YouTube වැනි global platform එකක් සමඟ ගිවිසුමකට පැමිණීම BBC හි අනාගත ස්ථාවරත්වය සැකසෙනු ඇති බව විචාරක මතය වේ.

YouTube BBC

Comments (6)

Please login to comment

Loading comments...