ASUS Zenbook A14 සිංහලෙන්

ASUS ආයතනය ශ්‍රී ලංකාවේදී අලුත්ම ZenBook A14 ඇතුළු Laptops කිහිපයක් release කරා කියලා අපි කලින් ලිපියකින් කතා කරා . මේ ලිපියෙන් අපි කතා කරමු අලුත්ම මේ A14, එහෙම නැත්නම් ASUS Zenbook A14 (UX3407) ගැන.
ASUS Zenbook A14 යනු මෙතෙක් මම experience කරපු most portable laptop එක ලෙස හඳුන්වන්න පුළුවන් . බරින් කිලෝ ග්රෑම් 1 කටත් අඩුයි වගේම ඉතාමත් සිහින් design එකකින් යුක්ත වෙනවා . ASUS ආයතනය හඳුන්වා දෙන Ceraluminum නමැති material එක භාවිතයෙන් Zenbook A14 එක සකස් වෙලා තියෙනවා . මේ Ceraluminum යනු , Ceramic සහ aluminum යන දෙකෙහි එකතුවයි . ඒ අනුව ඉතාමත් ශක්තිමත් , scratch-resistance, durable වගේම විශේෂයෙන්ම ඉතාමත් සිහින් සහ බරින් අඩු මේ වගේ device එකක් සකස් කිරීමට ASUS ආයතනයට හැකියාව ලැබෙනවා . මේ Ceraluminum සකස් වන්නේ aluminum, ceramization නමැති ක්‍රියාවලියකට ලක් කිරීමෙනි .
Ceraluminum අතට දැනෙන්නේ ගොඩක් smooth විදියට . ටිකක් plastic සහ rubber mixed වගේ texture එකක් අතට feel වෙන්නේ, හැබැයි ගොඩක්ම strong. ඒ වගේම ASUS Military grade නිසා මේ ආරක්ෂාව ගැන තවත් සහතිකයක් තියනවා . ඒ වගේම පල්ලම් හිටින්නේ නැති නිසා laptop එක මතට මොනවා හරි වැටුනත් ලේසියෙන්ම ඉවත් කරන්න පුළුවන් .
වැදගත්ම දේ , ගොඩක් හොඳ battery life එකක් තියනවා . මේකට හේතුව , 70wh battery එක විතරක් නෙමේ , මේ laptop එකේ තියන chipset එක . ඒ වගේම fast charging support කරනවා වගේම ආසන්න වශයෙන් 60% විතර මිනිත්තු 49 කින් charge කරගන්න පුළුවන් . මේ battery life එක ගැන අදහසක් කිව්වොත් , ඔයා වීඩියෝ බලනවානම් එක දිගට පැය 32 ක් විතර වීඩියෝ බලන්න පුළුවන් කම තියනවා එක charge එකකින්. ඒ වගේම සාමාන්‍ය web browsing, movies වගේ දේවල් වලට පාවිච්චි කරනවානම් දල වශයෙන් පැය 19 ක් භාවිත කරන්න පුළුවන් . ඒ කියන්නේ සාමාන්‍ය user කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව දවසක් හෝ දවස් කිහිපයක් මේ laptop එක පාවිච්චි කරන්න ලැබෙනවා . ඒ වගේම plug නොකර battery එකෙන් පාවිච්චි කරත් කිසිම performance drop වීමක් සිද්ද වෙන්නේ නැති වෙන එක සැහෙන්න plus point එකක් .
14 inches OLED display එකක් බලාගන්න පුළුවන් . බොහොමයක් දුරට bezel less design එකක්, 16:10 aspect ratio එකක් එක්ක 1920x1200 resolution එක බලාගන්න පුළුවන් . ටිකක් වැඩි vertical space එකක් තියනවා . Display quality එක බොහොමයක් දුරට හොඳ මට්ටමක තියනවා වගේම average brightness range එකක් බලාගන්න පුළුවන් . එකම අඩුවකට කියලා තියෙන්නේ , මේ විදියට ලැබෙන්නේ touch panel එකක් නම් නෙමේ .
විවිධ smart gestures එක්ක ගොඩක් හොඳ touch pad එකක් බලාගන්න පුළුවන් . සැහෙන්න sensitive වගේම මේ gestures හරහා sounds අඩු වැඩි කරන්න , brightness වෙනස් කරන්න, videos seek කරන්න ඇතුළු ගොඩක් දේවල් කරන්න පුළුවන් .
Windows 11 Home එක්ක මේ device එක අපිට ලැබෙන්නේ . Office home 2025, 365 basic එකත් වසරකට ලැබෙනවා . ඒ වගේම Snapdragon X processor එකකින් තමයි මේ device එක power වෙන්නේ . මේක ගොඩක් powerful, හැබැයි power එක ගොඩක් අඩුවෙන් භාවිතා කරන chip එකක් . ඒ වගේම NPU එකක් බලාගන්න පුළුවන් . ඒ නිසා Co-Pilot ඇතුළු ගොඩක් AI features ප්‍රමාණයක් බලාගන්න හම්බවෙනවා . මේ අතර windows studio effects බලාගන්න පුළුවන් . ඒ එක්කම ගොඩක් හොඳ quality එකක mic එකක් සහ web camera එකක් බලාගන්න පුළුවන් .
මේ තරම් සිහින් design එකක් ඇතුලෙත් අපට heat pipe එකක් සහ බරින් අඩු aluminum fans බලාගන්න පුළුවන් . ඒ වගේම පසුපස air vents බලාගන්න පුළුවන් නිසා මේ වගේ පොඩි design එකක් ඇතුලේ ගොඩක් හොඳට heat එක manage කරන්න පුළුවන් වෙනවා .
HDMI 2.1 port එකක් , USB 4 Type C ports දෙකක් , audio port, standard size USB 3.2 Gen 2 Type A port එකක් ports විදියට බලාගන්න පුළුවන් . ඒ වගේම wifi 6e ලැබෙනවා . web camera එක හරහා windows hello භාවිතයෙන් මුණ හරහා device එක unlock කරගන්න පුළුවන් .