iPhone සඳහා iOS 26.2.1 නිකුත් වෙයි
Apple සමාගම විසින් iPhone/ iPad සඳහා iOS 26.2.1 නමින් නව software update එකක් නිකුත් කර තිබේ. බොහෝ දෙනා බලාපොරොත්තු වූ iOS 26.3 වෙනුවට මෙවර නිකුත් වී ඇත්තේ මෙම update එකයි. සාමාන්‍යයෙන් මෙවැනි කුඩා version updates, bug fixes සහ security patches සඳහා පමණක් සීමා වුවද, මෙවර release එකට නව hardware support එකක්ද ඇතුළත් වීම විශේෂත්වයකි. මෙම update එක iPhone 11 සහ එතැන් පසු models සඳහා ලබාගත හැකි අතර iPhone SE (2nd හා 3rd generation) models ද මෙයට අයත් වේ. Install කිරීම සඳහා Settings → General → Software Update වෙත ගොස් Download and Install තෝරාගත හැක. Apple ආයතනය මේ වන විටත් පැරණි iPhone සඳහාද updates නිකුත් කර ඇති බව අපි දනිමු. මේ පිලිබඳ ඉදිරි ලිපියකින් අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවේ.

AirTag 2 සඳහා support
iOS 26.2.1 update එක මගින් Apple විසින් නව 2nd generation AirTag tracker එකට support ලබාදී ඇත. නව AirTag එක වැඩි දුරකින් Precision Finding කිරීමට හැකි Ultra Wideband chip එකක්, වැඩි Bluetooth performance, නව chime sound එකක් සහ පෙර version එකට වඩා 50% කින් වැඩි ශබ්දයක් ලබා දෙන speaker එකක් සමඟ පැමිණේ. මෙම hardware විශේෂාංග සම්පූර්ණයෙන් භාවිතා කිරීමට මෙම iOS update එක අවශ්‍ය වේ.
Security updates නොමැති වීම
Apple විසින් නිලවශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙම update එක තුළ security vulnerability fixes නොමැති බවයි. Apple security notes අනුව, “no published CVE entries” ලෙස සඳහන් කර ඇත. එනම් මෙය ආරක්ෂක ගැටලු නිවැරදි කිරීමකට වඩා feature support සහ bug fixes සඳහා වූ update එකකි.
Australia emergency call ගැටළුවකට විසඳුමක්
මෙම update එක Australia හි emergency number 000 වෙත call කිරීමට ඇති ගැටළුවකටද විසඳුමක් ලබා දේ. සමහර පැරණි devices alternative mobile network හරහා emergency call connect නොවූ බව වාර්තා වී තිබූ අතර ඒ සඳහා Apple software update මගින් network compatibility වැඩි කර ඇත.
Comments (3)
Please login to comment