Home Tech Videos Programming Aviation

AI Code කරන්න එන Amazon ලගේ Kiro

Tech News දින 7 කට පෙර 3491 Views

Amazon විසින් Third-party AI tools වෙනුවට තමන්ගේම kiro Tool එක භාවිතය ආරම්භ කරයි. Amazon විසින් තමන්ගේ engineers ලාට openAl ,Anthropic Claude Code ,Cursor වැනි ජනප්‍රිය AI cording tools භාවිත කිරීමෙන් වැළැකී සිටින ලෙස නියම කර ඇත. මෙයට හේතුව වී ඇත්තේ Amazon විසින් 2025 වසරේ නිකුත් කල ඔවුන්ගේම AI cording tool එක වන "Kiro" භාවිතය වැඩි දියුණු කිරීමේ පියවරක් ලෙසයි.

මෙහිදී engineers ලා අනිත් Ai tools භාවිත කරන්නේ නම් Amazon විසින් ඔවුනට ලබා දෙන සහයෝගය සීමා කිරීමට ඔවුන් පියවර ගන්නා බව ද සදහන් කරයි. Kiro ප්‍රචලිත කිරීම මගින් Amazon Ai ecosystem එක grow කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වේ. Third party Ai tools භාවිතය මගින් Data privacy issues, Api cost වැඩි වීම, code leakage risk එක වැඩි වන නිසා ඒ වෙනුවට තමන්ගේම Amazon සමාගමට හිමි Ai pipeline එකක් භාවිතය වාසි සහගත බව ඔවුන් සදහන් කරයි. තවද 2025 October මස Amazon internal guidelines update කර Codex tool එක සදහා "Do not use" tag එක දමා ඇත. Industry expert ලා පවසන ආකාරයට මෙය Google, Microsoft දැනට Ai research ,coding tools, developer ecosystem වල බෙහෙවින් ඉදිරියෙන් සිටින නිසා Amazon මෙම Ai race එකේ පසුපසින් සිටින නිසා එම පරතරය cover කිරීමට ගත් උපාය මාර්ගයක් බවයි.

ai amazon kiro vibe coding