Home Tech Videos Programming Aviation

Amazon සහ Google එක්ව Multicloud Network එකක් 

Tech News පැය 16 කට පෙර 333 Views

Amazon සහ Google සමාගම් එක්වී Multicloud Networking Service නමින් නව සේවාවක් ආරම්භ කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට AWS සහ Google Cloud අතර private, high-speed connection එකක් මිනිත්තු කිහිපයකින් ඇති කර ගත හැකි බව සමාගම් දෙක පවසයි. මෙය ඉතා වැදගත් වන්නේ 2025 ඔක්තෝබර් මස 20 වන දින සිදු වූ AWS outage සිදුවීමත් සමගය. මෙම AWS outage එක නිසා Snapchat, Reddit වැනි සේවාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් තාවකාලික ක්‍රියාවිරහිත වුන අතර මෙමගින් ඇමරිකානු ව්‍යාපාර වලට USD 500 - 650 million පමණ මූල්‍ය අලාභයක් සිදු විය.  මෙලස AWS සේවාව down වීම (තාවකාලිකව නැවතීම) මගින් එහි තිබු (host කර තිබු) සියලුම website/ apps නතර වීම සිදු වේ.  ඒ සමගම අදහා ගත නොහැකි පමණ පාරිභෝගිකයන් ප්‍රමාණයක් orders cancel කල අතර , online sales අඩාල වීමත් සිදු විය.
නමුත් මෙම Amazon + Google multicloud service එක මගින් Aws එක down වූවත් තත්පර කීපයක් ඇතුළත Google cloud එකට automatic switch වීමේ හැකියාව ලැබෙයි. Cloud එකක් fail වීම නිසා සමාගමක් offline වීමේ අවදානම සම්පූර්ණයෙන් අඩු වන අතර, apps, databases, user logins, payments ආදිය continuous ලෙස (එක දිගට) ක්‍රියා කළ හැක.

AWS යන ලොව විශාලතම cloud සේවා provider සහ Google Cloud එක, මේ network එකට Interconnect + Cross-Cloud Interconnect technologies එකතු කරමින්, customers ලා හට මිනිත්තු කිහිපයක් තුළ multicloud setup නිර්මාණය කිරීමේ හැකියාව මෙමගින් ලබා දී තිබේ. 

ලෝකය AI systems, high-traffic platforms, streaming, gaming, finance apps වැනි අධි සේවා මත යැපෙන වර්තමානයේ, single-cloud එකක් මත යැපීම අතිශය අවදානම් බව 2025 දී සිදුවූ outages මඟින් පැහැදිලිව තහවුරු වී ඇත.

Amazon සහ Google පවසන පරිදි මෙය multicloud era එකේ නව පියවරකි.

aws google cloud