Android වලටත් Airdrop
ලෝකයේ තිබෙන ප්‍රධානම මෙහෙයුම් පද්ධති දෙකක් වන Android සහ ios අතර බැමි බිද දමමින් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. මෙය වසර ගණනාවක් පුරාවට පවතී Apple සහ Android eco-system අතර ප්‍රධාන බාධකය බිඳ හෙලීමක් ලෙස සැලකිය හැක. Android දුරකථන වලට, iphone සමග direct file sharing සිදු කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙය Quick Share(Android) සේවාව භාවිතයෙන් Android තුලදී සිදු කරන අතර Apple හි Airdrop(ios/mac) අතර නිල integration එකක් වනු ඇත. මෙම feature එක Pixel 10 සදහා මුලින්ම නිකුත් වී ඇත. ඒ අනුව මේ වන විටත් Pixel 10 series දුරකථන වල සිට iPhone/ Mac/ iPad වෙත file sharing පහසුකම පවතී .
ඉදිරියේදී Samsung ,Oneplus,Xiaomi වැනි Android devices සදහාද මෙම පහසුකම ලැබෙනු ඇත.

කොහොමද file share කරගන්නේ ?
Android --> iphone
Android device එකෙන් Quick Share open කරලා iphone එක target device එකක් විදියට ලබා දෙන්න.iphone එකෙන් Airdrop '' Everyone for 10 minutes '' ලෙස ON කරන්න.
iphone --> Android
AirDrop ON කිරීමෙන් පසු Android device එක suggestion panel එකේ පෙන්වන අතර Accept /Decline option එක Android device එකේ පෙන්වයි.
iPhone සඳහා මෙය සාමාන්‍ය airdrop භාවිතයක් ලෙස දිස්වේ . එනම් file යැවීමේදී සහ ලබගනිමේදීද සාමාන්‍ය iPhone එකක් සමග airdrop භාවිත කරන ලෙසට දිස්වන අතර කිසිඳු වෙනසක් නොපෙන්වයි.
මෙලෙස photos,videos,Documents,Audio files,App files හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේවෙතත් , මෙය apple ආයතනයේ මැදිහත් වීමක් මත සිදුවූ දෙයක් ලෙස සඳහනක් නොමැති අතර බොහෝ විට google ආයතනය airdrop ක්‍රියාත්මක වන ආකාරයට ගැලපෙන ලෙස, ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතියට සිදු කල වෙනස් කමකින් මෙය සිදු වන බව අනුමාන කල හැක .
මේ සම්බන්ධයෙන් තවමත් apple ආයතනයෙන් කිසිඳු සඳහනක් නොමැති අතර , මෙම සේවාව ඔවුන්ට අවශ්‍යනම් නවත්විමටත් , නැතිනම් වෙනසක් නොකර ඉදිරියට පවත්වාගෙන යාමටත් අවස්තාව පවතී . කෙසේ නමුත් මේ සමග , තවදුරටත් iPhone එකෙන් ලබාගන්න photos, whatsapp කිරීමට අවශ්‍ය නොවනු ඇත .