Home Tech Videos Programming Aviation

Adobe මෙවලම් ChatGPT හා ඒකාබද්ධ කරයි

Tech News පැයකට පෙර 9487 Views
Adobe සමාගම සිය ප්‍රමුඛතම යෙදුම් වන Photoshop, Adobe Express සහ Acrobat යෙදුම් OpenAI සතු ChatGPT සමඟ ඒකාබද්ධ කරන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙම නව ඒකාබද්ධ කිරීම මඟින්, පරිශීලකයින්ට ChatGPT තුළින්ම රූප සංස්කරණය කිරීම, Grapic නිර්මාණය කිරීම සහ PDF කළමනාකරණය කිරීම වැනි කාර්යයන් සෘජුවම සිදු කිරීමට හැකියාව ලැබේ. ඒ සඳහා වෙන වෙනම Photoshop, Acrobat හෝ Adobe Express යෙදුම් විවෘත කිරීමේ අවශ්‍යතාවය අවම වේ.
 
 
Adobe සමාගම පවසන්නේ, මෙය Conversational AI platforms (ChatGPT වැනි) සමඟ එදිනෙදා භාවිතා කරන professional tools සම්බන්ධ කිරීමේ industry-wide trend එකක කොටසක් බවයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ user workflow එක සරල කිරීම, time saving කිරීම සහ වැඩි පිරිසකට Adobe tools පහසුවෙන් ලඟා වීමට අවස්ථාව සලසා දීමයි. මෙම integration එක හරහා, ChatGPT හි සතිපතා සක්‍රීය පරිශීලකයන් මිලියන 800කට අධික පිරිසකට Adobe tools වල බලවත් විශේෂාංග ලැබීමට නියමිතයි.
උදාහරණයක් ලෙස, user කෙනෙකු ChatGPT තුළ:
 
• ඡායාරූප fine-tune කිරීම
• social media graphic එකක් create කිරීම
• PDF එකක් summarize කිරීම
• PDF compress කිරීම, edit කිරීම
• බහු PDF files එකට merge කිරීම
වැනි කාර්යයන් type කර request කිරීම සිදු කර හැකිය. මේ සියල්ල ChatGPT chat interface එකෙන් පිටතට නොයනු ඇත. Adobe සමාගම අනාවරණය කර ඇති පරිදි, Photoshop, Acrobat සහ Adobe Express desktop, web සහ iOS platforms සඳහා මේ වනවිටත් ChatGPT තුළ නොමිලේ භාවිතා කිරීමට ලබා දී ඇත. Android සඳහා Adobe Express දැනටමත් available වන අතර, Photoshop සහ Acrobat Android support ඉදිරි කාලයේදී ලබා දීමට නියමිතය.
 
මෙම සේවාව භාවිතා කිරීම සඳහා, පරිශීලකයින්ට Adobe account එකක් තිබිය යුතු අතර, ChatGPT තුළ Adobe tools connect කිරීම සඳහා log වීම අවශ්‍ය වේ. Industry analysts අනුව, මෙම පියවර Adobe සමාගම AI-driven creative tools ක්ෂේත්‍රයේ තම ස්ථානය ශක්තිමත් කර ගැනීමටත්, ChatGPT වැනි platforms තුළ already සිටින massive user base එකකට Adobe ecosystem එක ගෙන යාමටත් ගත් strategic move එකක් ලෙස සැලකේ.

Adobe Photoshop Adobe Express Chatgpt