සුභ දවසක්,

‌දැන් අලුතින් ගන්න හැම පරිගණකයකටම වගේ භාවිතා කරන්නට සිදුවන මෙහෙයුම් පද්ධතිය තමා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය(Windows 10 Operating System). ඉතින් ලංකාවේ අපි මෙහෙයුම් පද්ධතියක් භාවිතා කලාට නිතර නිතර එය යාවත්කාලීන (update) කරන්නේ නැ.  මතක තබාගන්න එය යාවත්කාලීන කිරීම තුළින් පරිගණකයේ ආරක්ෂාකාරී බව හා ක්‍රියාකාරීත්වය වැඩි වන බව.  ඒත් වින්ඩෝස් 10 පද්ධතිය යාවත්කාලීන වන්නේ අපගේ අනුදැනුමකින් තොරවයි (Auto Update) . ඒ නිසා අපටත් නොදැනිම අපගේ අන්තර්ජාල පහසුකමට බිල වැටෙයි. 

Windows 7 වගේනම් අපිට Control Panel > Windows Update > Change Settings ගිහින් Auto Update OFF කරන්න පුළුවන්. ඒත් windows 10 හිදී නම් එසේ OFF කලත් සදහටම Auto Update වන එක නැවතෙන්නේ නෑ. ඔබ මෙයට අන්තර්ජාලයෙන් පිලියමක් සොයන්නේ නම්,  මේ Windows 10 Auto Update වන එක නතර කිරීමට විවිධ ක්‍රම දැකගත හැකිය. ඔබ දැනටමත් එම ක්‍රම භාවිතා කර තිබෙන්නට පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ එක ක්ලික් එකකින් සම්පූර්ණයෙන්ම Windows 10 Auto Update නතර කරන්නේ කොහොමද කියලා. මේකට පොඩි සොෆ්වෙයා එකක් ඔයාට බාගත කරගන්න වෙනවා.

‌සෙටප් ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න


StopUpdates10 Launch කරගන්න

StopUpdates10 Software එක ඕපන් කරගත් පසු ඔයාට දකින්නට ලැබේවි රතු පාටින් Windows Update is not blocked කියලා. පහලින් ඇති Stop Windows Updates! ක්ලික් කරන්න. එතකොට ඔයාගේ Windows 10 Auto Update සම්පූර්ණයෙන්ම Disable වෙන්න ගන්නවා. 100% ක් සාර්ථක ක්‍රමයක්!

Image result for StopUpdates10
Click Stop Windows Updates! Button

Windows 10 Auto Update වෙන එක Disable උනාට පසුව කොල පාටින් Windows Update is Blocked! දිස්වේ.

අනිත් ක්‍රම වලට වඩා සරළම පහසුම ක්‍රමයක් තමා මේ. ඉතින් වැදගත් උනා කියලා හිතනවනම් කමේන් එකක් දාලා යන්න. යාළුවොන්ටත් බලන්න ශෙයාර් කරන්න.  ගැටළු තියෙනවනම් පහලින් දාගෙන යන්න. නැවත ලිපියකින් හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only