සුභ දවසක්,

WhatsApp අපි කොයි කවුරුත් හොදින් හදුනන Massaging App එකක්. WhatsApp නැති ෆෝන් එකක් දැන් හොයාගන්නත් නැති තරම්, ඒ තරමටම මේ WhatsApp භාවිතය වැඩි වි ඇත්තේ එහි ඇති ආරක්ෂිත බව (end-to-end encrypted) , Video Call හා Audio Call හි ඇති විශිෂ්ඨත්වය නිසාවෙන් බව අපට කියන්න පුලුවන්. WhatsApp ලෝකයේ රටවල් 180ක බිලියනයකට අධික පිරිසක් භාවිතා කරන බව ඔබ දන්නවාද? WhatsApp කියන නම හැදිලා තියෙන්නේ What’s Up කියන වචන එකතු වෙලයි.

දැන් WhatsApp තුළින් හිතේ හැටියට අදහස් ප්‍රකාශ කරන්න වගේම ඉතා විනෝදාස්වාද ලෙස මිතුරන් සමග චැට් කරන්නට ලස්සන , ෆනී ස්ටිකර්ස් ලබාදී තියෙනවා. මේ පහසුකම ඔවුන් ලබා දුන්නේ අලුත්ම WhatsApp සංස්කරණය සමගයි. WhatsApp Stikers ගන්න නම්   ඔයාගේ WhatsApp ඇප් එක අලුත්ම සංස්කරණයට Update කරගත යුතුයි. Android නම් Play Store එකට ගිහින් WhatsApp Update කරගන්න, ඔයාට තියෙන්නේ iPhone, iPad එකක් නම් App Store එකෙන් WhatsApp Update කරගන්න.

‌Android සදහා

Android වලට තමා ගොඩක්ම සිංහල ෆනී ස්ටිකර්ස් පැක් තියෙන්නේ. අපි බලමු ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ස්ටිකර්ස් ගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලම WhatsApp ඕපන් කරගෙන පහල ඇති Stickers icon Click කරන්න. ( Stickers icon එක පේන්න නැත්නම් ඔයාගේ WhatsApp අලුත්ම සංස්කරණයට Update කරගන්න) 

Sticker icon එක ක්ලික් කරන්න
කැමති Sticker Pack එකක් බාගත කරගන්න.

මේ විදිහට ඔයාට කැමති ස්ටිකර්ස් පැක්ස් ගන්න පුළුවන්. මීට අමතරම ඔයාට සිංහලෙන් ලස්සන ෆනී ස්ටිකර්ස් ගන්න ඕනෙනම් Play Store එකෙන් Sticker Packs ගන්න වෙනවා. Play Store ගිහින් Sinhala Whatsapp Stikers කියලා සර්ච් කරන්න. එතකොට ගොඩක් ඇප්ස් බලාගන්න පුළුවන්. ඕන එකක් අරන් WhatsApp එකට import කරගන්න පුළුවන්.

කැමති පැක් එකක් ඉන්ස්ටෝල් කරගන්න

කැමටි පැක් එක මත ක්ලික් කර  හෝ + ක්ලික් කරන්න
‌Add to WhatsApp ක්ලික් කරන්න

ඒ වගේම තමා ඔයාට මිතුරන්ගෙන් එන ඕන ස්ටිකර් එකක් ඔයාගේ ලිස්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට සේව් කරගන්න ඕන ස්ටිකර් එක උඩ ටැප් කරන්න. එතකොට එන වින්ඩෝ එකෙන් Add to Favorites දෙන්න. 

Add to Favorites

iPhone / iPad සදහා

ios වලටත් ඉහල පිළිවෙලමයි.

Stickers icon එක උඩ කිල්ක් කරන්න
Stickers ගන්න + icon එක උඩ ක්ලික් කරන්න.
කැමති පැක් එකක් උඩ ක්ලික් කරන්න. බාගත කරගන්න

‌තවත් ස්ටිකර්ස් ගන්න පුළුවන් AppStore එකෙන්. WhatsApp Stickers කියලා සර්ච් කරන්න.

තවම සිංහල ස්ටිකර්ස් නම් ios වලට හදලා නෑ. ඒත් යාළුවෝ එවන සිංහල ස්ටිකර්ස් ඔයාට සේව් කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඔයාට සේව් කරගන්න ඕන ස්ටිකර් එක මත ටැප් කරන්න. එන මෙනු එකෙන් Add to Favorites ක්ලික් කරන්න. එතකොට ඒ ස්ටිකර් එක ඔයාගේ Favorites List එකේ සේව් වෙනවා. 

ඔන්න ඔහොමයි අලුත්ම අලුත් WhatsApp Stickers ඔයාගේ WhatsApp එකට ඇඩ් කරගන්නේ.  ඉතින් පෝස්ට් එක වැදගත් උනා කියලා හිතනවනම් ශෙයාර් කරන්න, කමේන්ට් කරන්න. තවත් අලුත් දෙයකින් හමුවෙමු!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,