Kushiya
Follow Me
Kushiya
Follow Me

Latest posts by Kushiya (see all)

සුභ දවසක් හැමෝටම!

මේ පොස්ට් එක ලියනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ.2018-06-04 දවස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ලෝකය පුරා සිටින Apple iphone ලෝලියෝ පැල් බැදගෙන බලාගෙන හිටියේ ඊයේ දවසේ මොන මොන දේවල් වෙයිද කියලා.ඔන්න එහෙනම් එදා වෙච්ච දේවල් ඔක්කොම කෙටියෙන් සහ සරලවම.

Apple Worldwide Developers Conference (WWDC) යනු ඇපල් සමාගම විසින් වාර්ෂිකව පවත්වන සම්මන්ත්‍රණයකි.මෙහිදී ආරාධිත සමූහයට Apple සමාගම විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම් සහ ඔවුන්ගේ දැනට පවතින තාක්ෂණ යෙදවුම් වල වර්ධනය වැනි පුළුල් මාතෘකා ආවරණය වන පරිදි සම්මන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මේ වසරේදීත් WWDC ජූලි 4 වන දින California වේ San Jose Convention Center හිදී අති සාර්ථක ලෙස නිම විය.එදින iOS 12 හි ප්‍රධාන නව අංගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, එහි වැඩි දියුණු කිරීම් සහ එහි දෝශයන් ඉවත් කිරීම් යන කාරණාවන් ගැන වැඩි අවධානය යොමු කළේය.”iOS 12 සඳහා, අපි කාර්යක්ෂමතාව දෙගුණ කර ඇත” යනුවෙන් Apple සමාගමේ ජේෂ්ඨ උප සභාපති Craig Federighi ගේ ප්‍රකාශය සියලු දෙනාගේ කතාබහට ලක් විය.නව මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලින(iOS 12 update) කිරීමෙන් පසු iPhone සහ iPad හි වැඩි දියුණුවක් සහ වෙනස්කම් රාශියක් ඇතුලත් වන බව WWDC ආරභයේදී සදහන් විය.Screen Time, Memoji, Group FaceTime, and grouped notifications මේ අතර කැපී පෙනන වෙනස්කම් විය.මෙම මාසය අවසානයේදී beta version එක නිකුත් කිරීමට Apple සමාගම සූදානම්ය.

Performance

Apple සමාගම මෙවර පෙරටත් වඩා වැඩි වේගයෙන් iOS පද්ධතිය සකස් කර ඇති අතර, Federighi පැවසුවේ ඔවුන්ගේ පරීක්ෂණ වලදී iPhone 6+ දුරකතය iOS 11 වලට වඩා, Apps 40% ක වේගයෙන්  ක්‍රියාත්මක වන අතර යතුරු පුවරුව 50% ක වේගයෙන් විවෘත වන ඇති අතර කැමරාව විවෘත කිරීම 70% ක වේගයෙන් ක්‍රියාත්මක වන බවයි. iOS 12 සහය දක්වන උපාංග සඳහා ඇපල් සමාගම තවදුරටත් කටයුතු කරමින් සිටී.එමෙන්ම iPhone සහ iPad සදහා හොඳ වේගයක් සහ බැටරි ආයු කාලයක් ලබා දී ඇත.

Screen Time

Google මෙන්, Apple විසින්ද ඔවුන්ගේ උපාංග භාවිතාකරන්නන් අතර වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න සමබරතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරයි. iOS 12 හි නව Screen time විශේෂාංගය මගින් ඔබගේ උපාංගය වැය කරන කාලය සහ apps භාවිතා කරන කාලය විස්තර කෙරේ.එම විස්තරය භාවිතයෙන් ක්‍රීඩා, සමාජ ජාලා ආදී කොටස් වලට වෙන් කොට ඔබ හට notifications ලබා දීමට iOS 12 හට හැකියාව ලැබී තිබෙනවා.එමෙන්ම Screen Time ඔබගේ භාවිත පුරුදු පිළිබඳ සතිපතා සාරාංශයක් ලබා දෙනු ඇත.

 

 

Android P වලට සමානකම් දක්වන අතර, එක් එක් apps සඳහා කාල සීමාවක් නියම කිරීමට ඔබට හැකි වනු ඇත. ඔබ එසේ ලබා දුන් කාලය ඔබ විසින් ඉක්මවූවොහොත් ස්වයංක්‍රීයව “time’s up” යනුවෙන්ඔ ඔබට notification එකක් දෙනු ඇත.නමුත් ඔබට තව දුරටත් එම app එකත් සමග ක්‍රියාකිරීමට අවශ්‍ය නම්, ඔබට පහසුවෙන්ම එම කාලය වැඩි කරගත හැක.මෙම දත්ත අධීක්ෂණය කිරීම මගින් දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ දුරකත භාවිතය ගැන අවබෝධයක් ගැනීමට හැකි වීමද මෙහි විශේෂ ප්‍රයෝජනයක් ලෙස සැලකිය හැක.

 

 

Grouped Notifications

Apple මෙහිදී ඉතා වටිනා පියවරක් ගෙන ඇත.

👆ඉහත රූපයේ පෙනන පරිදි ඔබට එක app එකකින් notification එකකට වඩා පැමිණියහොත් එය වෙන් වෙන්ව පෙන්නුම් කරන අතර මෙසේ app රාශියකි notifications ලැබුණු විට එහි ඇති සංකීර්ණතාවය සහ විශාල ඉඩකඩක මෙය පෙන්නීම තරමක අපහසුතාවයක් විය.මෙවර iOS 12 මගින් එම දුර්වලතාය ඉවත් කොට ඇත.(පහර රූපයෙන් දැක්වේ)👇

 

New Animoji with tongue detection

iPhone X සමඟ පළමු වරට එළිදැක්වුණු Animoji කට්ටලයට තවත් Animoji කිහිපයක් එකතු වී ඇත.ඒ ghost, koala, tiger, and tyrannosaurus rex යන Animoji වේ.තවද ඔබේ කට සහ දිව අනුකරණය කිරීම දක්වා Animoji දියුණු වී ඇත.

 

 

Memoji – Custom emojis

දැන් ඔබට කැමති පරිදි AniMoji එකක් සාදාගැනීමට iOS 12 මගින් ඔබට ඉඩ සලසා දී ඇත.එය Memoji ලෙස හඳුන්වයි.මෙහිදී ඔබේම පෙනුමක් ඇති චරිත නිර්මාණය කිරීමට, සමේ වර්ණය, කොණ්ඩා මෝස්තර හා උපාංග සමඟ ඔබේ Memoji නිරූපණය කිරීමට ඔබට හැකි වනු ඇත.මෙය Bitmoji සහ Nintendo ගේ Mii චරිත වලට සමාන වන අතර Samsung සමාගම විසින් Samsung Galaxy S9 දුරකතනයේද මෙවැනි දෙයක් හඳුන්වා දුන්නේය. නමුත් Apple විසින් අන් සියල්ලන්ටම වඩා Memoji වලට වැඩ ගොඩක් කර තිබන බවක් පෙනේ.

 

 

 

Group FaceTime

Apple FaceTime හරහා group calls ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත.වෙනත් group calls වලට අමතර මෙම FaceTime group calls විශේෂ වෙනස්කම් රාශියකින් සමන්විතය.බොහෝ අය ඇමතුමක සිටින විට, එක් අයෙක් කතා කරන විට එම පුද්ගලයාට අදාල වීඩියෝ කවුළුව විශාල වනු ඇත.තවද ඇමතුම අතුරදී Anomoji, Memoji සහ අක්ෂර භාවිතා කල හැක.

 

 

MEASURE APP

iOS 12 Measure ලෙස නම් කරන ලද නව Apple App එකක් නිකුත් කර ඇත.මෙම මෘදුකාංගය ඔබ අවට ඇති වස්තූන් හෝ බිත්ති නිවැරදිව මැනීමට ඉඩ සලසයි. ඔබ කැමරාව රාමුව තුළට වස්තුවක් ගෙන එහි දාර දිගේ ඇගිල්ලෙන් touch කරගෙන යාමෙන් තප්පරයක වැනි කෙටි කාලයකින් එම වස්තුවේ දිග පළල මැන පෙන්වීමට තරම් Measure App එක බලවත්ය.

 

 

තවද augmented reality සහ එම තාක්ෂනය භාවිතයෙන් multiplayer games ක්‍රීඩා කිරීමට පිලිබඳව කතා බහට ලක් විය.👇

 

 

දැන් කවුරුත් බලන්නේ කවද්ද අලුත් iOS 12 update එක එන්නේ,ඔයාගේ ෆෝන් එකටත් දාගන්න පුලුවන්ද කියන එකනේ,ඔන්න එහෙනම් ඒ විස්තරත්

iOS 12 වෙත update කල හැකි උපාංග:

  • iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone SE, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X
  • iPad 2017, iPad 2018
  • iPad mini 2, iPad mini 3, iPad mini 4
  • iPad Pro (10.5), iPad Pro (12.9, 2017)
  • iPod touch (sixth generation)

 

 

WWDC 2018 Keynote  සජීවී පටිගත කිරීම 👇

 

 

ඊළග පොස්ට් එකෙන් සෙට් වෙමු!

මම, Kushiya

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,