Follow Me
Kushiya
Follow Me

Latest posts by Kushiya (see all)

මොකද්ද මේ IGTV ?

IGTV නැත්තම් Instagram TV කියන්නේ Instagram විසින් අලුතින්ම නිකුත් කල තවත් platform එකක්.කවුරුත් දන්නවනේ YouTube ගැන.අන්න ඒ වගේම තවත් platform එකක් තමයි IGTV කියන්නේ.

Instagram CEO Kevin Systrom IGTV හඳුන්වා දුන් අවස්ථාව

දැනට Instagram වල වීඩියෝ එකක් upload කරනවනම් ක්‍රම දෙකක් තියෙනවා.එකක් සාමාන්‍ය පොස්ට් එකක් විදියට දාන එක, අනිත් එක Instagram Story එකක් විදියට දාන එක.සාමාන්‍ය පොස්ට් එකක් විදියට දැම්මොත් වීඩියෝ එකේ උපරිම කාලය තප්පර 60යි story එකක් විදියට දැම්මොත් තප්පර 15යි.ඉතින් තව දුරටත් තප්පර 60කට සීමා නොවී IGTV මගින් ඔබට තප්පර 15 සිට මිනිත්තු 60 දක්වා වීඩියෝ upload කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.

අලුතින් අකවුන්ට් එකක් හදන්න ඕනද?

නෑ, App Store එකෙන් හෝ Google Play Store හරහා IGTV ඇප් එක ඩවුන්ලෝඩ් කර ඔබේ Instagram ගිණුමටම IGTV සම්බන්ධ කල හැකි වන අතර ඔබව Instagram මගින් follow කරන පිරිසම ඔබව IGTV හරහාද follow කරයි.වැඩි විස්තර කියන්න ඕන නෑ ඇප්‍ එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ මේකේ මොනතරම් වෙනසක් තියෙනවද කියලා.

 

ඉතින් වීඩියෝ නිර්මාණකරුවන්ට මේ IGTV ලොකු උදව්වක් වගේම මිනිසුන් අතර ඉක්මනින් මේ IGTV පැතිර යයි කියලා තමයි Instagram සමාගම නම් කියන්නේ.

 

ඊළග පොස්ට් එකෙන් සෙට් වෙමු!

මම, Kushiya

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now