Twitter අතහැර Mastodon ?

Elon musk, පසුගිය දිනයක Twitter සමාජ ජාලය තාම සතු කරගත් බව අප පෙර ලිපි කිහිපයකදීම කතා කළෙමු. ඒ සමග අපුරු ආරංචි සහ පුවත් රාශියක් මැවෙන්නට වුනු බව ප්‍රසිද්ද කරුණකි.

මේ සමගම twitter හි වෙනස් කම් රාශියක් සිදුවීමට පටන් ගත් අතර, twitter සමාජ මධ්‍යයේ තිබු වැදගත්ම අංගයක් වුනු ගුණාංග කෙමෙන් මැකී යන භාවක් හැඟී යනු ඇත. මේ සමග twitter හි වැඩිම engagement එකක් තිබෙන ගිණුම් කෙමෙන් වෙනත් සමාජ ජාල වෙත නැඹුරු වන බවක් පෙනී යයි.

ඔක්තෝබර් මස 28 වෙනිදා මෙලෙස ඩොලර් බිලියන 44 ක මුදලකට, twitter ජාලය musk සතු වූ අතර, ඔක්තෝබර් මස 27 වෙනිදා සිට 1 වෙනිදා දක්වා දල වශයෙන් twitter ගිණුම් මිලියනකයකට ආසන්න සංඛ්‍යාවක් deactivate කිරීම සිදු කර ඇත.

මෙලෙස බොහොමයක් පිරිසක් mastodon නම් platform එක වෙත මාරු මාරු වෙමින් පවතින බව පෙනීයයි.

Mastodon යනු Open source software එකක් මත සකස් වුන decentralised social media network එකක් ලෙස හැඳින්විය හැක. මෙහි විශේෂම සිදුවීම නම්, පසුගිය මස (ඔක්තෝබර්) 27 වෙනි දින සිට මිලියන භාගයකට අසන්න අලුත් ගිණුම් ප්‍රමාණයක් මෙලෙස mastodon network එක තුල සකස්ව තිබීමයි.

Mastodon, twitter සමාජ ජාලයට බොහෝ සේ සමාන තාවයක් දක්වයි . Favourite (like) සහ boost (retweet) posts වැනි පහසුකම් තිබීම එයට කදිම නිදසුනකි. මෙය 100% නොමිලේ භාවිත කලහැක්කකි.

මෙය තරමක් වෙනස් විදියේ social media platform එකක් වන අතර මෙහි ගිණුමක් සැදීමට මෙතනින් පිසිවිය හැක.

එසේම Mastodon හෝ SL Geek Profile එක සමගද ඔබට එකතු විය හැක.

https://mas.to/@slgeek