Amazon යනු ලෝකයේ තියෙන විශාලම වෙළඳපොළක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම tech gadgets ඇතුළු බොහොමයක් electronics සඳහා amazon ප්‍රසිද්ද වේ. එසේම ශ්‍රී ලංකාවේ අපට සාමන්යෙන් දැකගත හැකි දෑට වඩා බොහොමයක් සුවිශේෂී දෑ අපට amazon හි බලාගත හැක.

නමුත් ගැටළුවක් වනුයේ amazon සිට Sri Lanka ව සඳහා shipping තිබුනද බොහෝ විට අතිශය විශාල මුදලක් shipping charge එකක් ලෙස වැය වීමයි. එසේම Ebay ඇතුළු ගොඩක් USA වෙබ් අඩවි වලින් ශ්‍රී ලංකාව සඳහා අයිතම එවීම සමහර විට සිදු නොකරන අතර එසේ සිදු කලද එම අයිතම වල වටිනාකම වැඩි අතර සමහර විට shipping සඳහා වැඩි ගාස්තුවක් ගෙවීමට සිදුවේ.
මෙයට විසඳුමක් ලෙස kapruka global shop හඳුන්වා දිය හැකි අතර එමගින් ඉතාමත් සාධාරණ මුදලක් යටතේ අපට භාණ්ඩ ගෙන්විය හැක. හොඳම කාරනාවනම්, Shipping වලට අමතරව taxes ඇතුළු සියලුම කටයුතු ඔවුන් විසින් සිදු කර අපගේ නිවාස දක්වාම භාණ්ඩය ගෙනවිත් ලබාදීමයි.
Kapruka Global Shop වෙත පහතින් පිවිසිය හැක.

මෙහිදී අපට Product Link එක ඇතුළු කල පසු තත්පර කිහිපයකින් ස්වයන්ක්රියවම එහි වටිනාකම දර්ශනය වේ. මෙලෙස ebay සහ amazon වෙබ් අඩවි වල ඇති අයිතම සඳහා එසැනින් මිල දැකබලාගැනීමට order කිරීමටත් හැක.

එසේම අනෙක් වෙබ් අඩවි සඳහා manual price checker tool එක භාවිත කල හැකි අතර පැය කිහිපයක් තුල ඔබගේ email එකට quotation එකක් ලැබෙනු ඇත.
මෙහිදී ඔබට කප්රුක global shop එකෙන් ඔබගේ ඇනවුම ලබාගත හැකි අතර එහිදී shipping සඳහා ගාස්තුවක් අය නොවේ. එසේම නැතිනම් නිවසට ගෙන්වා ගැනීමට පුළුවන්. මෙහිදී සාමාන්‍ය කුරිය සේවා ගාස්තුවක් අදාළ වේ. කෙසේ වෙතත් Tax සඳහා නැවතී, මධ්‍යම තැපැල් හුවමාරුවේ හෝ අදාල tax ගෙවීම් කාර්යාල වල රස්තියදු වීමට හෝ කිසිවක් අවශ්‍ය නැති වීම වාසියකි.
එසේම ඉහත තෝරාගත් අයිතමය වන mac mini පරිගණකය amazon හරහා ගෙන්වීමේදී 90$ ආසන්න ගණනක් shipping සඳහා වැය වන අතර නමුත් global shop හි, shipping, tax ඇතුළු සියල්ල සඳහා වැය වනුයේ 50$ ආසන්න මුදලකි.
එසේම ශ්‍රී ලංකාවට shipping සිදු නොකරන වෙබ් අඩවිය සහ අයිතමද මේ හරහා ඇනවුම් කල හැකි වීම වාසියකි.
Leave a Reply