විවිධ වෙබ් අඩවි වලට ගියාම අපිට විවිධ ආකාරයේ පෝරම පුරවන්න වෙනවා. HTML යොදාගෙන සකසන මේ පෝරම Forms වලින් ගන්නා තොරතුරු database එකක save කරගන්න හෝ වැඩිදුර යොදාගන්න php මගින් handle කරන්න වෙනවා.

මේ ආකාරයෙන් අපිට හමුවෙන පෝරම / Forms මොනවා ද කියලා බලමු.
1. ලියාපදිංචි වීමේ පෝරම – Registration / Sign up Forms
2. ඇතුලු වීමේ පෝරම – Login Form
3. සමීක්ෂණ – Survey Form
4. සම්බන්ධ කරගැනීමේ පෝරම – Contact Forms
5. Ratings / Data Submit
මේ ආකාරයේ නොයෙක් විරූ පෝරම දකින්න පුළුවන්. මේ පෝරම තුලට දත්ත ලබාගැනීමත් ඒ දත්ත ඊළග අදියරේ process කරන්නත් අවශ්‍ය සවිය php මගින් ගන්න ආකාරයත් බලමු.

මේ කාරණා කරද්දි අපිට form elements , Input Types (Variables) ගැන දැනුම තිබීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඊට අමතරව JavaScript JQuery වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. ඒවා ගැනත් අපි ඉදිරියට කියලා දෙන්නම්.

පෝරමයක් නැතිනම් Form එකකින් ගන්න දත්ත ඒ html පිටුවේදීම හෝ නැතිනම් වෙනත් php පිටුවකදී process කරන්න හැකියි. කෙසේ වෙතත් පෝරමයක ලබාගන්නා දත්ත ආරක්ෂිත වෙනත් පාර්ශවයන්ට ලබාගත නොහැකි පරිදි සහා SQL injection වගේ දේවල් හරහා හැකර් කරුවන්ට වෙබ් අඩවිය අඩපණ දේවල් කරන්න නොහැකි වන පරිදි කරන්නත් නිර්මාණය කරන්න ඕන.

ඒ සියල්ල අපි මෙහිදි කතා නොකලත් අවශ්‍යම දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා.

මෙහිදි අපිට සිද්ද වෙනවා <form> ටැග් එක ඇතුලේ අලුත් attributes දෙකක් යොදාගන්න. method සහා action.

<form method=”GET|POST” action=”test.php”>

Method – ඒකියන්නේ මේ පෝරමය තුල ඇති දත්ත, සැකසුමට යවන්න භාවිතා කරන ක්‍රමය. HTML තුලදී GET හෝ POST යන ක්‍රම දෙකින් එකක් භාවිතා කරන්න හැකියි. මින් වඩාත් ආරක්ෂිතම ක්‍රමය වන්නේ POST භාවිතා කිරීමයි. ඒමගින් පෝරමය තුලින් යැවෙන දත්ත මොනවාදැයි කියා කිසිවෙකුට නොපෙන්වා දී ඇති action script එකට යැවෙනවා. නමුත් GET හි යොමු වන දත්ත ඕනෑම අයෙකුට URL එක තුලින් දැකගැනීමට හැකි වෙනවා.

Action – එනම් පෝරමය තුලින් ලබා ගන්නා දත්ත යොමුවන ස්ක්‍රිප්ට් එක. සමහර අවස්ථාවල දී මෙහි කිසිවක් සදහන් වෙන්නේ නැ. එවිට පෝරමය ඇති පිටුවේම ඇති php ස්ක්‍රිප්ට් එකක් වෙත දත්ත යොමු වෙනවා. නැති නම් දක්වා ඇති පරිදි අදාල ස්ක්‍රිප්ට් එකට දත්ත යොමුවෙනවා.

පෝරමයක් සකසමු

මුලික විස්තර දන්න නිසා අපි දැන් html භාවිතයෙන් පෝරමයක් සකස් කරගමු.

<html>
<body>

<form action="welcome.php" method="POST">
Name: <input type="text" name="username"><br>
E-mail: <input type="text" name="email"><br>
<input type="submit">
</form>

</body>
</html>

දැන් මේ තියෙන පෝරමය කැමති නමකින් සේව් කරගෙන ඒ ලෝකේෂන් එකේම welcome.php එකත් හදමු.

<html>
<body>

Welcome <?php echo $_POST["username"]; ?><br>
Your email address is: <?php echo $_POST["email"]; ?>

</body>
</html>

$_POST[“username”] – මේ තියෙන්නේ පෝරමය තුලින් POST කරපු name input tag එකේ තිබුණ දත්තය welcome.php එකේ දී ලබාගන්න විදිය. ඒ විදියට අපි අදුන ගන්නේ අපේ input element එකේ දී හදුනගන්න දීපු name attribute එක හරහා.

දැන් අපි wamp server එකින් localhost එකට ගිහින් අපේ html පෝරමය විවෘත කරගෙන දත්ත ඇතුලත් කරලා බලමු. එතකොට මේ වගේ ප්‍රතිඵලයක් දකින්න හැකි වෙන්න ඕන. එවිට නිතැතින්ම welcome.php පිටුවට පිවිසීම සිදුවේවි.

Welcome Dulan
Your email address is dulan@slgeek.lk

දැන් POST method එක වෙනුවට GET method එක යොදා බලමු. එකම කෝඩ් එකේ සුළු වෙනස් කම් කිහිපයක් පමණයි තියෙන්නේ.

<html>
<body>

<form action="welcome_get.php" method="GET">
Name: <input type="text" name="username"><br>
E-mail: <input type="text" name="email"><br>
<input type="submit">
</form>

</body>
</html>

welcome_get.php ස්ක්‍රිප්ට් එක පහත පරිදි සකසමු.

<html>
<body>

Welcome <?php echo $_GET["username"]; ?><br>
Your email address is: <?php echo $_GET["email"]; ?>

</body>
</html>

දැන් මෙහිදීත් පෙර පරිදිම result එකක් ගන්න හැකියි. ඒත් පෝරමය හරහා යොමු කල දත්ත url එකෙහි සටහන් වෙනවා ඔබටම බලාගන්න පුළුවන්.

එහෙනම් අදට පාඩම නිමයි. අපි ඊළග දවසේ පෝරමයකින් ඇතුලත් කරපු දත්ත නිවැරදිව ඇතුලත් කරලා තියෙනවා ද කියලා validate කරන විදිය බලමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා.

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now